gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සද්ද බෑ... ට්‍රැෆික් බෑ... විමල්ගේ සත්‍යග්‍රහයට අධිකරණ නියෝග - විමල් නැගිටලා යනවාලු

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (12) උදෑසන බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අභියසදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරිණි. කෙසේ වෙතත් මෙම විරෝධතා ව්‍යාපාරය සැලකිල්ලට ගනිමින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊට අදාළව විශේෂ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ අධිකරණ නියෝගය මගින් විරෝධතාකරුවන් වෙත දැනුම් දී ඇත්තේ සාමාන්‍ය ජනතාවට බාධාවක් වන පරිදි මාර්ගය අවහිර කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එසේම මේ දිනවල අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ඊට බාධාවක් නොවන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් තොරව කටයුතු කළ යුතු බව ද අධිකරණය විසින් නියෝග කර ඇත.

මේ අතර තමන් ඇතුළු කණ්ඩායම විසින් ආරම්භ කරනු ලැබුවේ සත්‍යග්‍රහයක් මිස උපවාසයක් නොවන බවත්, උපවාසයක් සහ සත්‍යග්‍රහයක් යනු එකක් නොව දෙකක් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් ඒ මහතා කියා සිටියේ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම නතර කිරීමට රජය පියවර ගත යුතු බවයි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලබන වත්මන් අග්‍රාමාත්‍යවරිය එම ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව දියත් කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් කර ඇති අතර, තමන් සත්‍යග්‍රහයෙන් නැගිට යන විට එම ස්ථානයේ අසුන් ගැනීම සඳහා තවත් පිරිසක් සූදානමින් සිටින බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka