gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරන්න යන දැවැන්ත සත්‍යග්‍රහය ගැන විමල් මහානායක හිමිවරුන් දැනුවත් කරයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනතුරු අද (12) දිනයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මල්වතු මහා නාහිමි පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක පවසා සිටියා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (11) දිනයේ මල්වතු මහා විහාරයට පැමිණ රජය ගෙන ඒමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මෙරට අධ්‍යාපනයට මෙන්ම අනාගතය භාරගැනීමට සිටින දරුවන් හට සිදුවන විනාශය පිළිබඳව නාහිමියන් දැනුවත් කර සංදේශයක් භාරදීමට ද පියවර ගත්තා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ,

“වර්තමානයේ අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යැයි හිතෙනවා නම් සැලසුම් සහගතව නියමිත කාල සීමාවක් තුළ ප්‍රථමයෙන් නියමු ව්‍යාපෘතියක් ඉදිරිපත් කොට පසුව එය පිළිගත හැකිනම් එය දිවයින පුරාව්‍යාප්ත කිරීමට කටයුතු කළ හැකියි. නමුත් මේ ඉදිරිපත් කොට තිබෙන ප්‍රතිසංස්කරණයේ සිංහල වගේම ඉංග්‍රීසි වැරදියි. මේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය සදාචාරය පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වලා නෑ. ඉතිහාසය වගේම බුද්ධාගම විෂයත් පහළට දාලා තියෙන්නේ. එහෙම කරපුවම මේ රටේ දරුවෝ නිකන්ම අනාගාමික වෙනවා. රට ආගම ජාතිය ගැන හැඟීමක් නැති ජාතියක් බිහිවෙනවා. ලිංගික අධ්‍යාපනයට අපි විරුද්ධ නෑ. මෙතන කෙරෙන්නේ ලිංගික අධ්‍යාපනයක් නෙවෙයි. සම ලිංගික කාර්යයන් සඳහා දරුවන් පුරුදු පුහුණු කරන එකයි. මේ මොඩියුල ක්‍රමය හරහා ගුරුවරුන් විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. මේ මගින් ඇතැම් දරුවන්ට අසාධාරණකම් වෙන්න පුළුවන්. මේක නැවැත්විය නැත්නම් මේ රටට මහා විනාශයක් වෙනවා. මේවා කුමන්ත්‍රණ. හරිනි අමරසූරිය අගමැති ධුරයේ හිටියාට අපිට කමක් නෑ. හැබැයි එයා අධ්‍යාපන ඇමතිකමෙන් ඉවත් වෙන්න ඕනේ. එයා ඉවත් වන තුරුම අපි මේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අධ්‍යාපන අමාත්‍යාංශය අසල කරනවා. කවුරු මොනවා කීවත් කළත් අපි ඒක නවත්වන්නේ නෑ මේ රටේ දරුවන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. දරුවෝ අත්හදා බලන්නත් ඉඩ දෙන්නේ නෑ. අගමැතිනිය මේ වැරදි පිළිගන්නෙත් නෑ. වැරැද්දක් උනානම් වැරැද්ද කළ කෙනාව කවුද කියලා රටට හෙළිකරන්න ඕනේ.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka