gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ට ජනාධිපති වෙන්න කිසිම ඉඩක් නෑ... රාජපක්‍ෂලා කුණු කූඩයේ!

වර්තමාන රජය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සහ මෙරට දේශපාලන ක්‍රියාධරයන්ගේ පිරිහී ගිය හැසිරීම් රටාව විවේචනය කරමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී එම පක්ෂයේ නායකත්වය අවධාරණය කළේ, ප්‍රතිපත්තිමය දේශපාලනය වෙනුවට පුද්ගල අපහාසය රජකරවන "වනචර දේශපාලනය" මහජනතාව විසින් පරාජය කළ යුතු බවයි.

​මෙන මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණෙහි සභාපට්ජි චමීර පෙරේරා ප්‍රධාන ලේකම් නොයෙල් ජනස්ටර් ජාතික සංවිධායක මිලාන් පෙරේරා භාණ්ඩාගාරික ජුලියානා යන මහත්ම මහත්මීන් සහභාගි වී සිටියහ ,

​කාන්තාවන්ට එරෙහි මඩ දේශපාලනය සහ "පාදඩ සංස්කෘතිය" අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉලක්ක කරගනිමින් මෑතකාලීනව එල්ල වූ පෞද්ගලික අපහාසයන් පිළිබඳව පක්ෂයේ දැඩි අප්‍රසාදය පළ විය.

මෙය ප්‍රතිපත්තිමය දේශපාලනයක ලක්ෂණයක් නොව, රාජපක්ෂ සහ වික්‍රමසිංහ කඳවුරුවල තවමත් පවතින "පාදඩ දේශපාලන සංස්කෘතියේ" දිගුවක් බව එහිදී ප්‍රකාශ විය. කාන්තාවන්ට නිගරු කරන මෙවැනි ප්‍රවණතා මෙරට ප්‍රගතිශීලී මහජනතාව පිළිකුලෙන් යුතුව බැහැර කරන බව මාධ්‍ය හමුවට සහභාගි වූ එම පක්ෂයේ  නායකයන් අවධාරණය කළහ.

​තවද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අභියෝගය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා සහ විවියන් ගුණවර්ධන වැනි සැබෑ වාමාංශික නායකයන් මහත් කැපකිරීමෙන් දිනා දුන් නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් පාවා දීමට ඉඩ නොදෙන බව පක්ෂය පවසයි.

අධ්‍යාපනය වාණිජකරණය කිරීමට හෝ නවලිබරල්වාදී න්‍යාය පත්‍රයන්ට අනුව කප්පාදු කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව පක්ෂය පෙරමුණ ගන්නා බවත්, විශේෂයෙන්ම පාසල් වැසීමේ තීරණවලට එරෙහිව දැඩිව සටන් කරන බවත් මෙහිදී ප්‍රකාශ විය.

​ඒත් සමගම රාජපක්ෂවරුන්ගේ "සාටක දේශපාලනය" සහ ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් පක්ෂය කියා සිටියේ, අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුවද, ඒවා විවෘත හා විනිවිදභාවයකින් යුත් මහජන සාකච්ඡා මඟින් සිදුවිය යුතු බවයි.

​නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් නව ප්‍රතිසංස්කරණ ගෙනෙන බවට කළ ප්‍රකාශය මෙහිදී උපහාසයට ලක් විය. 

රාජපක්ෂවරුන්ගේ "සාටක දේශපාලනය" මෙරට ජනතාව විසින් දැනටමත් ඉතිහාසයේ කුණු කූඩයට දමා ඇති බවත්, ඔවුන්ට යළි බලයට ඒමට කිසිදු ඉඩක් නොමැති බවත් පක්ෂ නායකත්වය වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්.එෆ්.එම්.සුහෙල් 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka