gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙනිසියුලාව ගැන රජයේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරය නෙමෙයි…! – විදේශ කටයුතු ඇමති

ස්වෛරී රාජ්‍යයකට එරෙහිව ඇමරිකානු ජනාධිපතිවරයා ගත් පියවරට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමාද වී හෝ නිසැක ලෙසම එරෙහි වනු ඇති බවත් ඊට සිය පක්ෂයේ කොන්දේසි විරහිත සහය හිමි බවත් සර්වජනබලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කරයි.

“ශ්‍රී ලංකාවේ සමාජවාදී ජනපති අනුර කුමාර දිසානායක, වෙනිසියුලාව පිළිබඳව වොෂින්ටනය කටයුතු කරන ආකාරයට තරමක් ප්‍රමාද වූවත් නුදුරු මොහොතකම නිසැකවම විරුද්ධ වන බවට කිසිදු සැකයක් නැත. ස්වෛරී රාජ්‍යයකට එරෙහිව ජනපති ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව ඔහු නිර්භීත ස්ථාවරයක පිහිටන විට අපගේ කොන්දේසි විරහිත සහාය ඔහුට ලැබෙනු ඇත.”

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදය නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට අනවසරයෙන් ඇතුළු වී ජනතාව විසින් තෝරා පත් කර ගත් ජනාධිපතිවරයා ඔහුගේ බිරිඳ සමඟ පැහැරගෙන යෑම සිය පක්ෂය පක්ෂය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කරයි. එම නිවේදනයෙහි පක්ෂ මහ ලේකම්වරයාගේ නම වෙනුවට දේශපාලන මණ්ඩලය යනුවෙන් යොදා තිබීම ද විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තීන්ට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතු බවත් එම සංවිධානයේ සියලු රටවල් ඒ සඳහා බැඳී සිටින බවත් රජයේ ස්ථාවරය බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් මෙම ආක්‍රමණය පිළිබඳ රජයේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරයම දැයි විමසූ අවස්ථාවේය.

කෙසේ වුව ද ජවිපෙ මූලිකත්වය දරන, එහි නායකයා ජනාධිපති ධුරය දරන ආණ්ඩුවේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරය නොවන බවත් පක්ෂවලට විවිධ ස්ථාවර තිබිය හැකි බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

ඊයේ (04) පැවති රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka