gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කලිනුත් සමලිංගික අගමැතිලා හිටියා... ඒක පුද්ගලික කැමැත්ත - චම්පික රණවක

පුද්ගලික මතවාද සහ ලිංගික නැමියාවන් රාජ්‍ය බලය යොදාගනිමින් ජාතික සමාජීය දර්ශනයන් බවට පත්කිරීමට උත්සාහ කිරීම අතිශය භයානක තත්ත්වයක් බවත්, එය "මතවාදී දූෂණයක්" බවත් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසයි.

පෙළපොත්වල අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කිසිවෙකුගේ පුද්ගලික ලිංගික නැමියාවන් විවේචනය කිරීමට හෝ අපහාස කිරීමට තමන් සූදානම් නොමැති බවයි. 

මෙරට ඉතිහාසයේ ද සමලිංගික අගමැතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරුන් සිට ඇති බව පෙන්වා දුන් ඒ මහතා, පුද්ගලික දෑ පුද්ගලිකව තබාගත යුතු බව අවධාරණය කළේය.

රාජ්‍ය බලය සහ දූෂණය රාජ්‍යයේ සම්පත් පුද්ගලික පරිහරණයට ගැනීම දූෂණය ලෙස හඳුන්වනවා සේම, රාජ්‍ය බලය පාවිච්චි කරමින් තමන්ගේ පුද්ගලික මතවාද රාජ්‍යයේ මතවාද බවට පත් කිරීමට උත්සාහ කිරීම ද දූෂණයක් බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් එවැනි මතවාදී දූෂණයන් සිදු නොකරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

වත්මන් ආණ්ඩුවට හැකියාවක් නැති අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කිරීම අනාගත රජයන්ට ඉඩ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කිරීමට අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය. 

විශේෂයෙන්ම ආපදා කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස වර්තමානයේ රට මුහුණ දී ඇති ව්‍යසනයෙන් ජනතාව මුදවා ගැනීමට කටයුතු කිරීම රටට අත්‍යවශ්‍ය බව චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka