gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවට ‘නිපා’ අවදානමක් නෑ ! අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවට වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සහතිකයක්!

මෑත කාලීනව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ‘නිපා’ (Nipah) වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වුවද, ශ්‍රී ලංකාව තුළ එම වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ජාත්‍යන්තර සංචරණ සීමා පැනවීමට නිර්දේශ කර නොමැති බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි.

නිපා වෛරසය ප්‍රධාන වශයෙන් සතුන් අතර, විශේෂයෙන්ම වවුලන් අතර දක්නට ලැබෙන රෝගයකි. මෙය මිනිසුන්ට බෝ වන්නේ ඉතා කලාතුරකින් වන අතර, ඒ සඳහා ආසාදිත සතුන් හෝ ඔවුන් ස්පර්ශ කළ ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම හේතු වේ.

මිනිසුන් අතර වෛරසය පැතිරීම සිදුවන්නේ සමීප සහ දිගුකාලීන සම්බන්ධතා හරහා පමණක් බවත්, මෙය ඉන්ෆ්ලුවෙන්සාව හෝ කොවිඩ් මෙන් වාතය හරහා පහසුවෙන් පැතිරෙන රෝගයක් නොවන බවත් ලේකම්වරයා සිය නිවේදනය මඟින් පැහැදිලි කරයි.

ලංකාව තුළ ඕනෑම රෝගී තත්ත්වයක් කඩිනමින් හඳුනාගැනීම සඳහා ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව රෝග විනිශ්චය සඳහා අවශ්‍ය සියලුම නවීන තාක්ෂණික පහසුකම් පවතින අතර කිසියම් රෝගී තත්ත්වයක් වාර්තා වුවහොත් ඒ සඳහා වහාම ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය අංශ පූර්ණ සූදානමින් සිටින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව කලාපීය රෝග තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බැවින් සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර පමණක් පරිශීලනය කරන ලෙස නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka