gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව ව්‍යවස්ථාව ලීක් වෙයි? හදන්නේ NGO එකක්?

new constitution for sri lanka
රිනි වික්‍රමසිංහ මැතිනිය -- සමාවන්න හරිනි අමරසුරිය මැතිනිය -- පසුගිය දෙසැම්බර් මාසයේ දහනව වන දින  ප්‍රකාශ කළ සිටියේ විධායක ජනාධිපති ධුරය ඉවත් කර වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හෙවත් අගමැති මුලික කරගත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බවත් ඒ සම්බන්ධ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බවත් ය.
මීට සමාන්තරව අපට විශ්වාසනීය ආරංචී මාර්ගයකින් දැනගන්නට ලැබුණේ මෙම ව්‍යවස්ථාව ඇත්තටම නිර්මාණය කරන්නේ යම් රාජ්‍ය නොවන කණ්ඩායමක් විසින් බවයි. දැනටමත් ‘ලීක්’ වී ඇති පරිදි එම නව ව්‍යවස්ථා කෙටුම්පත https://citizensconstitution.lk අඩවියේ තිබේ.

නව ව්‍යවස්ථාව ඇත්තටම නිර්මාණය කරන්නේ හරිනි මැතිනිය නොව රාජ්‍ය නොවන සංවිධානයක් නම් එය එක අතකට හොඳ දෙයකි. මක්නිසාද යත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී අනාගත් අනාගැනීම නව ව්‍යවස්ථාවටද කිරීමට හරිනිට අවස්ථාව නොලැබෙන බැවිනි. එහෙත් හරිනිගේ නිවේදනය සහ මෙම රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය යන ක්‍රියාවලීන් දෙකම එකම සමාන්තර කාලයක් තුල ආරම්භ වීම හරහා අපට බලවත් සැකයක් මතු කරයි. එනම්, යම් දේශපාලන පන්තියක අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම කණ්ඩායම හරිනි අමරසූරිය මැතිනිය හා එක්ව සහයෝගයෙන් කටයුතු කරන්නේද යන්නයි. තවද මෙම පාර්ශ්වයන් දෙකම ලිබරල්වාදී මූලධර්මයැයි කියා ගනිමින් අධිපති සමාජයේ වටිනාකම් සමගින් අරගලයක ද නිරත වෙයි.  ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම සහයෝගයෙන් කටයුතු කිරීම පුදුමයක් නොවේ. ඒ අනුව ව්‍යවස්ථා නිර්මාණ ක්‍රියාවලිය හුදු ව්‍යවස්ථා නිර්මාණ ක්‍රියාවලියක් ම නොව යම් දේශපාලන පංතියක අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගෙන එන්නක්ද බව ජනතාව ලෙස අප ප්‍රශ්න කළ යුතු වෙයි.

මේ පිළිබඳ තවදුරටත් සොයාගෙන යාමේදී අමනසූරිය මැතිනිය මෙම ක්රියාවලිය පිළිබඳ මීට පෙර ගිය වසරේ අප්‍රේල් මාසයේදී අදහස් දක්වා තිබෙන බව අපට දක්නට ලැබිණි. ඇය මෙම අදහස් පළ කර සිටියේ, මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් මෙම ව්‍යවස්ථා නිර්මාණ ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසුව වීම වැදගත් කරුණකි. ඒ අනුව වර්තමානය වනවිටමන් ප්‍රභූ දේශපාලනඥයන්ගේ ගිලිහී ගොස් ඇති රාජ්‍ය බලය නැවතත් උදුරා ගැනීමේ ප්රයත්නයක මෙම පාර්ශවයන් විසින්ම නිරත වන්නේද යන්න ජනතාව ලෙස අප දැඩි අවධානයකින් පසුවිය යුතුවෙයි. අනික් අතට අප ප්‍රශ්න කර සිටිනුයේ හදිසියේම කීසිදු විද්‍යාත්මක පදනමකින් තොරව හරිනි අමරසූරිය මැතිණිය විසින් විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතු බවට ජ්රකාශ සිදු කරන්නේ කුමන පදනමකින්ද යන්නයි. මෙය අප සිතන්නේ අපටත් වඩා හොඳින් ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන මණ්ඩලයට වැටහෙන බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සිදු වූ දේ නව ව්‍යවස්ථා කෙටුම්පතටද සිදු නොවනු පිණිස ඇස්කන් ඇරගෙන අවදියෙන් සිටීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව අපි දැඩිව අවධාරණය කරමු.
new constitution for sri lanka
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka