gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ ප්‍රබලයකුට දෝෂාභියෝගය ලෑස්තියි! තව සති දෙකෙන් ජනාධිපති අස්සන් තබනවා!

මේ වනවිට ආන්දෝලනයකට තුඩුදී සිටින රජයේ ඉහළ පෙළේ ප්‍රබල නිලධාරියකු එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් පුවත්පතට වාර්තා වේ.

මෙම ප්‍රබල නිලධාරියාට එරෙහිව එල්ලවී ඇති බරපතළ චෝදනා කීපයක් මුල්කරගෙන අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

දැනටමත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නීති උපදෙස් ලබාගෙන ඇති බවක් වාර්තා වන අතර දෝෂාභියෝග යෝජනාව කෙටුම්පත් කරමින් පවතින බවක්ද දැනගන්නට ඇත.
ඒ අනුව, ඉදිරි සති දෙක ඇතුළත අදාළ දෝෂාභියෝග යෝජනාව සම්පූර්ණ කොට එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත්, ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඊට අස්සන් තැබීමට නියමිතව ඇති බවත් ‘මව්රට’ පුවත්පතට ආරංචිය.

- මව්රට
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka