gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්ටෙෆනි බන්ධනාගාර කමිටුවට අතිශයින්ම සුදුසුයි.. සමාජ ජාලා විවේචන දැඩිව හෙලා දකිනවා - ව‍්‍රායි

බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සාමාජිකාවක ලෙස පත් කර සිටින ස්ටෙෆනි සිරිවර්ධන මහත්මිය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන සහ අපහාස දැඩි ලෙස හෙළා දකින බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසයි.

දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා කාන්තාවකගේ පෙනුම සහ ඇයගේ පෞද්ගලිකත්වය අවියක් කර ගැනීම පිළිකුල් සහගත බවත්, මෙය ශ්‍රී ලංකාවේ පොදු සමාජය තුළ තවමත් පවතින කාන්තා ද්වේෂී මානසිකත්වයේ පැහැදිලි පිළිබිඹුවක් බවත් ඇය අවධාරණය කරයි.

ස්ටෙෆනි සිරිවර්ධන යනු එම තනතුරට අතිශයින්ම සුදුසුකම් සහිත තැනැත්තියක බව පෙන්වා දෙන නගරාධිපතිනිය, ඇය වසර ගණනාවක සිට බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සක්‍රීයව දායක වී ඇතැයිද පවසයි.

ප්‍රසිද්ධිය හෝ පැසසුම් බලාපොරොත්තු නොවී ඇය කලක සිට මෙම ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටින බවත් තමන් සතු ප්‍රසිද්ධිය සහ වේදිකාවන් ඇය නිරන්තරයෙන් සමාජ යහපත උදෙසා භාවිත කර ඇතැයිද නගරාධිපතිනිය පෙන්වා දෙයි.

පොදු ජීවිතයේ නිරත කාන්තාවන් මුහුණ දෙන අඩන්තේට්ටම් සහ මාර්ගගත හිංසනයන් ශ්‍රී ලංකාව තුළ බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව නගරාධිපතිනිය පෙන්වා දෙයි. ස්ටෙෆනි සිරිවර්ධන මුහුණ දෙන්නේද එවැනිම හුදකලා නොවන, පද්ධතිමය ප්‍රහාරයකට බව ඇයගේ අදහසයි.

"කිසිදු බියගැන්වීමකට හෝ ලැජ්ජාවට පත් කිරීමකට, තම අරමුණ හඳුනාගත් කාන්තාවකගේ ගමන අඩාල කළ නොහැකියි. එවැනි පීඩනයන්ට එරෙහිව අප මීට වඩා ශක්තිමත්ව සහ පැහැදිලිව හඬ නැඟිය යුතුයි," යනුවෙන් නගරාධිපතිනිය සිය සටහන මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මෙම පත්වීම සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති දේශපාලන කතිකාවත තුළ, ඇයගේ වෘත්තීය දායකත්වයට වඩා ඇයගේ පෙනුම ඉලක්ක කර ගැනීම කණගාටුදායක බව නගරාධිපතිනියගේ අදහසයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka