gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයේ හයි පර්ෆෝමන්ස් අංශයේ ජරාවට වැඩ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් හෙවත් උසස් තාක්ෂණ අංශය යනු වැදගත්ම අංශයකි.

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පිහිටි මෙම අංශයේ දෙස් විදෙස් පුහුණුකරුවන්, අභ්‍යාසකයන්, භෞත චිකිත්සකයන්, විශ්ලේෂකයන් රැසකි.

පාසල් හෝ ක්‍රීඩා සමාජ මට්ටමේ තරග වලදී විනිශ්චයකරුවන් විසින් පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට නම් කරන පන්දු යවන්නන්ගේ ඉරියව් නිවැරදි කිරීම සඳහා යොමු කරන්නේ මෙම අංශයටය.

ඒ සඳහා පත් කර ඇති පුහුණුකරුවා හිටපු ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නෙකි. 96 ලෝක කුසලාන කණ්ඩායමේද    සිටි මොහු කලක් මුළුල්ලේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කිරීමේ කටයුත්ත භාරව කටයුතු කරයි.

මෙම කටයුත්ත සිදු කිරීමේදී මොහු විසින් කරනු ලබන අක්‍රමිකතා ගැන ඇති චෝදනාද රැසකි.

පාසල් මට්ටමේ ක්‍රීඩකයන් පන්දු යැවීමේ ඉරියව්ව ඉක්මනින්  නිවැරදි කර ගැනීමට නම් තම මව සමග පැමිණීම හෝ රුපියල් පන්දහක අල්ලසක් දීම අනිවාර්ය  බව කියවේ.

මෙම මුදල් ලබා ගැනීම සිදුකරනුයේ පෞද්ගලික ගිණුමකට මුදල් බැර කිරීමෙනි.

ඛෙත්තාරාමයෙන් බැහැරව මරදානේ ඇති ගෘහස්ථ ක්‍රීඩාංගණයකදී මොහු විසින් නළුවකුද වන තවත් වේග පන්දු පුහුණුකරුවකු සමග පෞද්ගලික පුහුණුවේද යෙදෙයි.

හයි පර්ෆෝමන්ස් පුහුණුකරුවන්ට සති අන්තයේ නිවාඩුය. ඒ දවස් දෙකේ හයි පර්ෆෝමන්ස් පුහුණුකරුවන් වැඩි දෙනෙක් වන් ටු වන් පෞද්ගලික පුහුණුකිරීමේ යෙදෙති.
මෙය රාජකාරි නීති වලට පටහැනි වුවත් ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගනී.

කෙසේ වෙතත් පන්දු යැවීමේ ඉරියව් හැදීමෙන් මොහු ඉවත් කර ඒ වෙනුවට වෙනත් පුහුණුකරුවකු පත් කර ඇත.
මෙයට හේතුව වී ඇත්තේ කොළඹ වඩා ප්‍රසිද්ධ නැති පාසලක ක්‍රීඩකයකුගේ පියකුගෙන් පන්දහක් නොව පනස් දහක අල්ලසක් ඉල්ලා සිටීම ඉහළට ආරංචි වීම නිසා බව දැන ගන්නට ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka