gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිවුරු, කළුකෝට් අදාල නෑ... ගැහුවොත් ගහනවා... නීත්‍යානුකූලද නැත්ද අපට වැඩක් නෑ - ලාල් අනතුරු අඟවයි!

විපක්ෂයේ සිටීමට වඩා ආණ්ඩු කිරීම තමන්ට ඉතා සහනදායී බවත්, දේශපාලන සතුරන් එල්ල කරන ප්‍රහාර හමුවේ නිහඬව නොසිට සුදුසු මොහොතක පෙරළා ප්‍රහාර එල්ල කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උත්සවයක් අමතමිනි.

ප්‍රකට සිනමාකරු අසෝක හඳගම මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ සිටිනවාට වඩා ආණ්ඩු කිරීම අපහසු බවට පළ වන අදහස් තමන් ප්‍රතික්ෂේප කරන බවයි. 

1965 වසරේ සිට සිය පක්ෂය ගත කළ දීර්ඝ විපක්ෂ දේශපාලන යුගය අතිශය දුෂ්කර වූ බවත්, ද්‍රෝහීන් මැද තමන්ගේම සගයන් ඝාතනය වූ වටපිටාවක කළ දේශපාලනයට වඩා වර්තමානයේ ආණ්ඩු පාලනය තමන්ට "සනීප" බවත් ඔහු අවධාරණය කළේය.

තමන්ට එල්ල වන විවිධ විවේචන හමුවේ ඇතැම් විට නිහඬව සිටියද, සුදුසු මොහොතේදී ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ලාල්කාන්ත මහතා පැවසීය. 

එහිදී තමන් පහර දෙන්නේ කාහටද යන්න හෝ ඔවුන් ඇඳ සිටින ඇඳුම (කළු කෝට්, ජාතික ඇඳුම හෝ සිවුර) තමන්ට අදාළ නොවන බව ඔහු සඳහන් කළේය,.

 “දේශපාලනය කරන්න එනවා නම් ඒවා පැත්තකින් තියලා එන්න. මොනවා ඇඳගෙන හිටියත් අපි ගහනවා,” යැයි පැවසූ අමාත්‍යවරයා, සතුරෙකුට පහර දීමේදී එය නීත්‍යානුකූලද නැද්ද යන්න ලෙනින්වාදී ඉගැන්වීම් අනුව තමන්ට අදාළ නොවන බවද පවසා සිටියේය.

කැටපෝල සහ කාලතුවක්කු තමන් සතු සියලු බලය එකවර පාවිච්චි නොකරන බව ඉඟි කරමින් අමාත්‍යවරයා අපූරු උපමාවක්ද භාවිත කළේය. “කැටපෝලවලින් විදින්න ඕන ඒවට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

තමන් දැනට ලබාගෙන ඇත්තේ ආණ්ඩු බලය පමණක් බවත්, රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා වන අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. 

ආණ්ඩුව වෙනස් වුවද රජය තුළ තවමත් ප්‍රබල වෙනසක් සිදුවී නොමැති බවත්, ඇතැම් නීති වෙනස් කිරීමට සිදුවන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එම අර්ථයෙන් බලන කල ලංකාවේ තවමත් විප්ලවයක් සිදු වී නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka