gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසය අනිවාර්ය නොකිරීමෙන් මහා විනාශයක්… ජාතියේ නාමයෙන් මේ වරද නිවැරදි කරන්න – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක

රට පුරා පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ ඇති බවත් ඒවා සංරක්ෂණය කර ගැනීම සඳහා ඉතිහාසය හැදෑරූ පුරාවිද්‍යා උපාධිධාරීන් 2000-3000ක් අවශ්‍ය වන බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

එහෙත් දැනට ඒ සඳහා සිටින්නේ 500ක පමණ නිලධාරීන් පිරිසක් බවත් තවත් වසර 10ක් ඇතුළත ඉන් අඩක් පමණ විශ්‍රාම ගැනීමත් සමග එම පිරිස 250 දක්වා පහත දැටෙනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ රටේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමට නම් සියලු පුරවැසියන් රටේ ඉතිහාසය උගත යුතු බවත් එම දැනුම ලැබෙන්නේ පාසල් පද්ධතිය ඔස්සේ ඉතිහාසය ඉගැන්වීමෙන් බවත් ආචාර්ය දිසානායක සඳහන්කරයි.

ඉතිහාසය හර විෂය අතරින් (අනිවාර්ය) බැහැර කිරීම සමග ඉදිරියේදී විශ්වවිද්‍යාලයෙන් ඉතිහාස උපාධිධාරීන් බිහිනොවනු ඇති බවත් විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශ වසා දැමීමට සිදුවන බවත් එහි බරපතළ ප්‍රතිවිපාක වසර දහයකින් රටට ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

අවුරුදු ලක්ෂ අටක ප්‍රාග් ඓතිහාසික යුගයක් සහ අවුරුදු 2500කට අධික ඉතිහාසයක් ඇති දැවැන්ත පුරාවිද්‍යා උරුමයක් ඇති රටේ එම උරුමය රැක ගැනීමට නම් පාසලේ ඉතිහාස විෂය අනිවාර්ය විය යුතු බවත් ජාතියේ නාමයෙන් එය විකල්ප විෂයක් ලෙස පහත නොහෙළන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ සෙනරත් දිසානායක අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka