gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් සහ සාගල රහසේ හෝටලයක හමුවෙති!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක අතර හමුවක් රහසේ සිදුව ඇති බව සජබ වාර්තා සඳහන් කරයි.

මෙම හමුව සිදුව ඇත්තේ, ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ්හිදී බව පැවැසේ.

මීට පෙර සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ රුවන් විජේවර්ධන හමුවූයේද මෙම ස්ථානයෙදිමය.

මීට පෙර කොළඹ සජබ නාගරික මන්ත්‍රීවරයකු වන තරංග අතුරලියගේ ජංගම දුරකතනය හරහා රනිල් සහ සාගල සජිත්ට ඇමතුමක් ගෙන නව වසරට සුබපතා තිබිණි.

තමන්ට සජිත්ව හමුවිය යුතු බව එම ඇමතුමේදී සාගල පවසා ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අනුව සජිත් සාගලට දැනුම් දී ඇත්තේ කලම්බු ක්ලබ්හිදීම එම සාකච්ඡාව පැවැත්වීමට හැකියාව පවතින බවය.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම සාකච්ඡාවේදී හුවමාරු කරගැනුණු අදහස් අනාවරණය කිරීමට සජිත් පාර්ශ්වය කටයුතු කර නැත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka