gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ IMF වැඩපිළිවෙළ අකුරක් නෑර ඉදිරියට ගෙනයන බවට ජනපති අනුර එකඟ වුණා! ඔන්න IMF ලොක්කි පෙබරවාරියේ ලංකාවට එනවා!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වන බව එම අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, එය අකුරක් නෑර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟතාව පළ කළ පසුබිමේ මෙම සංචාරය තීරණය වී ඇත.

මෙරටට ලබාදී ඇති ණය පහසුකම්වල සාර්ථකත්වය සොයා බැලීම සහ ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය සහතික කිරීම ඇයගේ මෙම ගමනේ මූලික අරමුණ වන අතර, ඇය පැමිණෙන නිශ්චිත දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇත.

මේ අතර, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා පසුගිය 22 වනදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් පසුගිය 28 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දිවයින පුරා සංචාරය කරමින් සුළි කුණාටු බලපෑමට ලක් වූ ජනතාව හමු වී තොරතුරු රැස් කළ එම නියෝජිත පිරිස පෙන්වා දුන්නේ, මෙවැනි දරුණු ආපදා තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව මේ වන විට නිසි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජිත පිරිස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ 06 වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා එළඹෙන මාර්තු මාසය වන විට යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

- newshub
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka