gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ දෙමළ පාතාලයේ "කුඩු සෙල්ලිගේ" පුතුන් දෙදෙනා ඉන්දියාවෙන් පිටුවහල් කෙරේ : ත්‍රස්ත සබඳතා ගැනත් හෙළිදරව්වක්!

කොළඹ දෙමළ පාතාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් වූ කුඩු සෙල්ලි සහ පලනි ගනේෂ්ගේ පුතුන් දෙදෙනෙකු වන පලනි රිමෝෂන් සහ පලනි කැනිස්ටන් ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වේ. 

ඉන්දියාවේ තිරුච්චි එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි මොවුන් දෙදෙනා පසුගිය සමයේ කොටහේන සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදුවූ මාරාන්තික වෙඩි තැබීම් රැසක් පිටුපස සිටි ප්‍රධාන මෙහෙයුම්කරුවන් බවට හඳුනාගෙන තිබේ. මොවුන්ගේ තවත් සහෝදරයෙකු වන පලනි සිරාන් ද දැනට එම සිර කඳවුරේම පසුවන අතර, ඔහු ද නුදුරේදීම මෙරටට භාර දීමට ඉන්දීය බලධාරීන් කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

දිවයින පුරා සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ මෙම පිරිස, ත්‍රස්තවාදී සංවිධාන සමඟ ද සමීප සබඳතා පවත්වන බවට ඉන්දීය ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාලය හරහා ලැබෙන මුදල් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා යෙදවීමේ අවදානමක් පවතින බැවින් මොවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ද දැඩි අවධානයෙන් පසුවෙයි. පිටුවහල් කළ සැකකරුවන් මෙරටට පැමිණි වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන විශේෂ විමර්ශනයකට භාජනය කිරීමට නියමිතය.

FB : TTV News
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka