gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලාභ ලබන ලංගම ඩිපෝ සේවකයන්ට බෝනස් දෙනවා... පාඩු ලබන ලංගම ඩිපෝ සේවකයන්ට දීමනාවක් දෙනවා!

ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත් පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය (31) දින පස්වරුවේ නාවලපිටිය ලංගම ඩිපොවේ නිරික්ෂණ චාරික්වකට එක් වෙමින් එහි අඩුපාඩුකම් සොයා බැලී අවස්ථාවේ එම ඩිපෝ සේවකයින් විසින් රජයෙන් ලංගම සේවකයින්ට ලබා දෙන බව පැවසූ බෝනස් මුදල නොලැබුණ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ පැවසීමෙන් අනතුරුව අමාත්‍යවරවයා ඒ වබ පැවසිය.

නාවලපිටිය ලංගම ඩිපෝවේ දැනට පවතින අඩුපාඩුකම් සපුරාලිමට කටයුතු කරන බවත්, එම අඩුපාඩුකම් සපුරාලීමෙන් අනතුරුව නාවලපිටිය ලංගම ඩිපෝව ආදායම් තත්වය ඉහළ දැමිමට සේවකයින් කැපවීමෙන් කටයුතු කල යුතු බවයි අමාත්‍යවරයා නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවකයින් හමුවේ කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ              
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka