gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවට පහර දෙන්න ඉරානය සැරසේ!

ඉරානය පුරා පවතින අර්බුදය මුල් කරගනිමින් ආරම්භ වූ විරෝධතා මේ වන විට වසර ගණනාවකට පසු එරට ඇති වූ දරුණුතම නොසන්සුන්කාරී තත්ත්වය දක්වා වර්ධනය වී තිබේ.

තමන්ට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී එක්සත්ව කටයුතු කරන ලෙසයි. සම්බාධක හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති ඉරාන ආර්ථිකය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ද ඔහු මෙහිදී ප්‍රතිඥා දී තිබේ.

සති දෙකකට වැඩි කාලයක් පුරා පවතින මෙම උද්ඝෝෂණ හමුවේ මේ වන විට ආරක්‍ෂක අංශ සාමාජිකයින් අවම වශයෙන් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කරයි.

එහෙත් විපක්ෂ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි බවත්, මියගිය අය අතර සිවිල් විරෝධතාකරුවන් දස ගණනාවක් ද සිටින බවත් ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka