gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු අය ටික ටික එළියට!

වත්මන් රජය හඳුන්වා දීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිටුපස සිටින්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උත්සාහ කළ "නව ලිබරල් කේවට්ටයන්" පිරිසක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර දැරූ ප්‍රතිපත්ති සහ වර්තමාන ක්‍රියාකලාපය අතර බරපතල "ප්‍රතිපත්තිමය පීලිපැනීමක්" පවතින බවයි.

"මෙන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු අය ටික ටික එළියට එනවා. හරිනි ඒ ගොල්ලන්ගේ නම් කියන්න බෑ කිව්වනේ. සුජාතා ගමගේ ලෝක බැංකු ව්‍යාපෘතියේ සිටි බව අපි කලින්ම කිව්වා. එස්. බී. ගේ ගොට්ටා සුනිල් ජයන්ත නවරත්නත් හිටියා. හෙට අනිද්දට මිනිහත් නාලිකාවකට එයි. උපාලි සේදරයි, ටිරාන්ගේ මල්ලී හර්ෂ අලසුයි ආවනම් වැඩේ සම්පූර්ණයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය වනසන්න දශක ගණනක් තිස්සේ දතකාපු නව ලිබරල් කේවට්ටයෝ සෙට් එකට තමයි හරිනි බුද්ධිමතුන්, විෂය ප්‍රවීණයෝ කිව්වේ.

මහ මැතිවරණෙට කලින් විවෘත විශ්ව විද්‍යාලයේදී විවිධ පක්ෂ වල අධ්‍යාපන ප්‍රතිපත්‍ති ගැන සංවාදයක් තිබ්බා. ඒකට සුජාතා ගමගේ ඇවිත් එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නියෝජනය කරමින් කතා කළා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ආවේ චතුරංග අබේසිංහ. සුජාතා ජවිපෙට හතර අතේ නෙලුවා. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එතන හිටියේ මම. එදා සුජාතාට එරෙහිව චතුරංගයි මමයි එකතු වෙලා තර්ක කළේ. විශේෂයෙන් නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන්. අද ජාතික ජන බලවේග ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සුජාතා ගමගේ ඉදිරිපත් වෙනවා කියන්නේ බලය ගන්න පෙර සහ පසු සිදුවී ඇති ප්‍රතිපත්‍තිමය පීලිපැනීම පැහැදිලියි.

මේ කට්ටිය හදන්නේ මේ වගේ විකාරසහගත විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තමයි. මේ ගොල්ලෝ පෙනී ඉන්නවා කියන්නේ, ආයෙ මේක ප්‍රතික්ෂේප කරන්න වෙන හේතු ඕන නෑ, මේකම ඇති"
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka