gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන සෙල්ලමින් විදේශ ආධාර පවා අර්බුදයකට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට විදේශාධාර සපයන රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන වන ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ආදි ආයතනවලින් ණය සහ ආධාර සැපයිිමටද හානිකර ලෙස බලපාන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ඕනෑම ජාත්‍යන්තර ආයතනයක් සිය ආධාර සපයන්නේ විධිමත් විගණනයකට යටත්ව වන හෙයින් එවැනි විගණනයක් කිරීම සඳහා විගණකාධිපතිවරයෙකු නොමැති රටකට ආධාර සැපයීමට කිසිදු රටක් හෝ සංවිධානයක් ඉදිරිපත් නොවීම බලවත් අනතුරක් බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතු යැයිද හෙතෙම සඳහන් කරයි.

මේ වන විට මාස අටක් තිස්සේ ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය පුරප්පාඩුව පවතින අතර ජනාධිපතිවරයා ඒ තනතුරට තමුන්ගේ හිතවතකු පත් කරගන්නට දරන ලද උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැලැක්වීම නිසා ඇතැම් ඇමතිවරුන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව විවේචන ඉදිරිපත් කරන්නටද පටන් ගෙන ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ හෝ විගණකාධිපති තනතුරට සුදුස්සකු පත් නොකිරීමට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචා දූෂණ වසා ගැනීමට බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka