gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“සජිත්ට බෑ’ | රනිල් මුණගැහිලා එනගමන් මාන්නප්පෙරුම කියයි (VIDEO)

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කණ්ඩායම් සංකල්පයක් පිළිබඳ හැඟීමකින් කටයුතු කරන පුද්ගලයකු නොවන බවට එම පක්ෂයේ හිටපු සාමාජික අජිත් මාන්නප්පෙරුම චෝදනා කළේය.

එබැවින් සමගි ජනබලවේගය සමග නැවත එක්වීමට තමාගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළකළේ නව වසර උදාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්ය.

සජිත් ප්‍රේමදාස යනු තනිව වගකීම් භාරගන්නා බව පවසමින් පක්ෂයේ වෙනත් කිසිවෙකුට වැඩකිරීමට අවස්ථාවක් ලබානොදෙන අයකු බව ද අජිත් මාන්නප්පෙරුම චෝදනා කළේය.

එවැනි ක්‍රියාකලාප හමුවේ රටක් ගොඩනැගිය නොහැකි බව ද ඔහු පැවසුවේය.

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වුව ද සජිත් ප්‍රේමදාසට කණ්ඩායමක් ලෙස කටයුතු කළ නොහැකි බව ද ඔහු චෝදනා කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ, තමාට සජිත් ප්‍රේමදාස සමග පෞද්ගලික අමනාපයක් නොමැති වුවද, එවැනි පුද්ගලයෙකු සමග රටක් ගොඩනැගිය නොහැකි බැවින් සමගි ජනබලවේගය සමග යළි එක්වී දේශපාලනය සිදුකිරීමට තමන්ට අපේක්ෂාවක් නොමැති බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka