gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Man of the week! නොදන්නා තාක්ෂණය ගැන කියවන්න ගිහින් : බඩියා පටලවාගත් මහින්ද ජයසිංහ සමාජ මාධ්‍ය හමුවේ පච වෙයි!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව එල්ල වන ‘අසභ්‍යකරණ’ චෝදනාවලට පිළිතුරු දීමට ගිය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ , තාක්ෂණික කරුණු වැරදි ලෙස වටහාගෙන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි හාස්‍යට හා විවේචනයට ලක්වෙමින් තිබේ.

අධ්‍යාපන අසභ්‍යකරණය ආරම්භ වූයේ 2015 වසරේදී බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළද, ඔහු සාක්ෂි ලෙස ඉදිරිපත් කළ කරුණු තාක්ෂණිකව මුළුමනින්ම අසත්‍ය බව මේ වන විට තහවුරු වී ඇත.

පාර්ලිමේන්තුව අමතමින් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ 2016 වසරේ මුද්‍රිත 11 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පෙළපොතේ 77 වන පිටුවේ අසභ්‍ය අඩවි වලට මගපාදන ‘Buddy’ නමැති ලින්ක් ඇතුළත් කර ඇති බවයි. වත්මන් පෙළපොත් විවේචනය කරන උලපනේ සුමංගල හිමියන් මේවා නොදැක හය වසරේ පොතේ ඇති Buddy ගැන පමණක් කතා කිරීම හාස්‍යයට කරුණක් බවද ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි එය අසභ්‍ය වෙබ් අඩවියක් නොවන අතර අදාළ 11 වසර පෙළපොතේ සඳහන් වන්නේ එකල ලොව පුරා අතිශය ජනප්‍රියව පැවති ‘e-buddy’ නමැති ක්ෂණික පණිවිඩ හුවමාරු මෘදුකාංගය (Messenger App) පිළිබඳවය.

සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීමේදී ක්ෂණික පණිවිඩ හුවමාරු මෙවලම් (Instant Messaging Tools) හඳුන්වා දීමේ කොටසක් ලෙස මෙම ලින්ක් එක පෙළපොතට ඇතුළත් කර ඇති අතර, එය සන්නිවේදන තාක්ෂණ විෂය මාලාවේ සාමාන්‍ය මෙවලමකි.

පසුගිය සමයේ රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ 6 වසර ඉංග්‍රීසි මොඩියුලය ට අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සහ 11 වසරේ ඇති තාක්ෂණික මෘදුකාංගයක් (e-buddy) පටලවා ගනිමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් සහිත තරුණ පිරිස් සමාජ මාධ්‍ය තුළ විවිධ උපහාසාත්මක සටහන් පළ කරමින් සිටිති.

“e-buddy” සහ “අසභ්‍ය අඩවි” අතර වෙනස හඳුනා නොගෙන වගකිවයුතු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශයක් කිරීම හාස්‍යයට කරුණක් බව ඒ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

- newshub
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka