gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කළහොත් දේශපාලනය ධනවතුන්ට හා ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වීමේ අවදානමක්! - හිටපු කතානායක කරු ජනපතිට ලියයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් වැනි පහසුකම් අහෝසි කිරීම හරහා මෙරට දේශපාලන ක්ෂේත්‍රය හුදෙක් ධනවතුන්ට සහ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වීමේ බරපතල අවදානමක් පවතින බවත්, එමගින් සාමාන්‍ය පොදු මිනිසාට සහ අවංක සමාජ සේවකයන්ට දේශපාලනයට පිවිසීමට ඇති අවස්ථාව ඇහිරී යන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

හිටපු කථානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ විශේෂ ලිපියක් මගින් මෙම කරුණු අනාවරණය කර ඇත.

හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එම සංගමයේ දැඩි අවධානය යොමු වී තිබේ.

දේශපාලනඥයෙකුට සිය සේවා කාලයෙන් පසු වැදගත් අයුරින් ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් අහෝසි කිරීම තුළින්, අවංකව මහජන සේවයේ නිරත වීමට බලාපොරොත්තු වන මධ්‍යම පාන්තික හෝ සාමාන්‍ය පුද්ගලයන් දේශපාලනයෙන් ඈත් විය හැකි බව ලිපියේ සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ක්ෂේත්‍රය හුදෙක් මුදල් හදල් ඇති ධනවත් ව්‍යාපාරිකයන්ගේ පමණක් ග්‍රහණයට නතු වීමේ අවදානමක් පවතී.

පසුගිය කාලසීමාව තුළ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනා දූෂිතයන් ලෙස හංවඩු ගැසීමේ ප්‍රවණතාවයක් පැවතුණද, වසර 30කට අධික කාලයක් අවංකව සේවය කර තමන් සතු පෞද්ගලික දේපල පවා අහිමි කරගත් මන්ත්‍රීවරුන් රැසක් සිටින බව සංගමය පවසයි.

දේශපාලනයට පිවිසීම සඳහා සිය ස්ථිර රාජ්‍ය රැකියා අත්හැර දමා පැමිණි පිරිසට මන්ත්‍රී විශ්‍රාම වැටුපද අහිමි වුවහොත් ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්වන බව ලිපිය මගින් පෙන්වා දී ඇත.

ප්‍රතිගාමී නීති පිළිබඳ ගැටලුව: මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තා මගින්ද පවතින නීති අතීතයට බලපාන පරිදි වෙනස් කිරීම අනුමත කර නොමැති බව කරු ජයසූරිය මහතා සිහිපත් කරයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර සර්වපාක්ෂික හිටපු මන්ත්‍රී නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කර යුක්තිසහගත විසඳුමකට එළඹෙන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

2023 වසරේදී පිහිටුවන ලද මෙම සංගමය පෙන්වා දෙන්නේ දකුණු ආසියාවේ මෙන්ම ලොව බොහෝ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල හිටපු මහජන නියෝජිතයන්ගේ අත්දැකීම් රාජ්‍ය පාලනයට දායක කරගැනීමේ ක්‍රමවේදයක් පවතින බවයි.

අදාළ ලිපිය පහත දැක්වෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka