gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට සසර කලකිරිලා! ලොකු තීන්දුවක් ගන්න ලෑස්ති වෙනවලු!

මේ ආකාරයට මහානාහිමිවරුන් ඍජුවම ආණ්ඩුවේ තීන්දු තීරණවලට බලපෑම් කිරීමට තරම් ප්‍රබල වී ඇති පසුබිමක හිටපු ජනාධිපතිවරයකු සම්බන්ධයෙන්ද මෙවර රාජ්‍ය රහස් තීරයේ විශේෂ හෙළිදරව්වක් කිරීමට අප සූදානම්ය. 

ඒ, වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ය. ගෝඨාභය සැලකෙන්නේ අරගලයකින් පන්නා දැමූ ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙසටය. එමෙන්ම වසර 30ක යුද්ධය අවසන් කරද්දී ඊට විශාල දායකත්වයක් දක්වමින් ගෝඨා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

එමෙන්ම කොළඹ ලස්සන කිරීම සම්බන්ධයෙන් ගත් විට අංක එකට කියැවෙන්නේ ගෝඨාගේ නමය. යුද්ධය ජයග්‍රහණය කොට නමක් තබාගත් සේම ජනාධිපතිවරයකු ලෙසටද ඉතා හොඳ නමක් තබාගත හැකිව තිබුණද, තමන් සමීපයේ සිටි ඇතැමුන්ගේ වැරැදි උපදෙස් නිසා අවසානයේදී ගෝඨාභයට සිදුවූයේ ජනතා විරෝධය මැද රටින් පලා යන්නටය. ඉන් අනතුරුව යළි ලංකාවට පැමිණියද ගෝඨාභය කිසිදු දේශපාලන උත්සවයකට සහභාගි වූයේ නැත. එමෙන්ම කිසිදු දේශපාලන ප්‍රකාශයක් හෝ ගෝඨා සිදු කළේ නැත.

ඒ අනුව අපට මේ වනවිට වාර්තා වන්නේ ගෝඨා ඉතා දැඩි ලෙස මේ දිනවල බෞද්ධ දර්ශනයට නැඹුරු වී කාලය ගතකරමින් සිටින බවකි. එමෙන්ම දවසෙන් වැඩි කාලයක් භාවනානුයෝගීව ගෝඨා කටයුතු කරන බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පිටස්තර පුද්ගලයන් හමුවීම අවම කොට ඇති ගෝඨා, බෞද්ධ දර්ශනය සම්බන්ධව ලියැවුණු පොත්පත්, භාවනාව සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් ගැඹුරින් හදාරමින් සිටින බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව ජීවිතයේ සැඳෑ සමයේදී බොහෝ දුරට ගෝඨා ශාසනයට ඇතුළත් වීමේ ඉඩකඩක් පවතින බවක්ද අපට දැනගන්නට ඇත. එසේ වුවහොත් බොහෝ දුරට ලංකාවේ සසුන්ගත වූ පළමු ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත.

- mawratanews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka