gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට.. (සංවේදී වීඩියෝ සහිතයි)

පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද  ප්‍රදේශයේදී  අද (12 ) සවස 6.00 ට පමණ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණීමේදී පොලිසිය කළ  වෙඩි තැබීමකින්  පුද්ගලයෙක් මිය ගොස් තිබේ. වෙඩි පහරට ලක් වුන එම පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව  වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 93 කන්දකාඩු, සිංහපුර ලිපිනයේ පදිංචිව 28 වියති ගාර්දි අම්රෝයි කම්කානම්ලාගේ ටිෂාන් යන අය බව පොලිසිය සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය පවසන්නේ මෙවැනි කතාවකි.  වැලිකන්ද කුඩාපොකුණ ප්‍රදේශයේ මෙම පුද්ගලයා සමග   තවත් දෙදෙනෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිට ඇත.  මොවුන් තිදෙනා ගැන  සැකසිතූ  පොළොන්නරුව කොට්ඨාස  රථ වහන අංශයේ නිලධාරීන් යතුරුපැදිය  නැවැත්වීමට උත්සාහ කර තිබේ. එහෙත් ඔවුන්  නොනවත්වා යතුරුපැදිය ධාවනය කර නිවසක් අසල නවත්වා ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනාද ඔවුන් පිටුපස ලුහුබැඳ ගොස් තිබේ. ඒ අතර  නිවසට ඇතුළු වු පුද්ගලයෙක්  කඩුවක් ගෙන පොලිසියට නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේ දී  රථ වාහන අංශයේ පොලිස් නිලධාරියකු රාජකාරී ගිනි අවියෙන් එම පුද්ගලයාට  වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇත.

පසුව ප්‍රදේශවාසීන් විසින් වෙඩි වැදුන  පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.   රෝහල්ගත කරන විට ඔහු මියගොස් සිටි බව  රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවසීය.

පොලිසිය පවසන්නේ  මෙම පුද්ගලයා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයකු බවය.    ඔහු ප්‍රදේශයේ ගංජා අලෙවිකරණ බවට ද හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අප මේ පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ, යතුරු පැදියේ ගමන් කළ  සැකසහිත පුද්ගලයන් තිදෙනාම අණ නොතකා ධාවනය කල විට, රථවාහන පොලිසීන් ලුහුබැඳ ගොස් ඇති බවය.

ඉන් දෙදෙනකු පලාගොස් ඇති අතර  එක් පුද්ගලයෙකු ඔහුගේ නිවසට ගොස් කඩුවක් ගෙන පොලිස් නිලධාරියෙකු දනගස්වා කඩුවෙන් පහර දීමට උත්සාහ දරා ඇති බවත්, එහිදී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීයෙකු එම පුද්ගලයාගේ  දනහිසට වෙඩි තබා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියයි.

මෙම පුද්ගලයා අධික ලෙස ගංජා හා හෙරෝයින් වලට ඇබ්බැහි වු අයෙකු බවද ඔහු වැඩිදුරටත්  කීවේය.

සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස්  ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක එල්,පී,ජේ. කුමාරසිංහ   ඇතුළු පොලිස්   කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

- මනම්පිටිය නිමල්  ජයරත්න

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka