gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සීලරතන හිමිගෙන් අග්‍රාමාත්‍යවරියට මංගල යෝජනාවක්!

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ක්‍රියාකලාපය සීලරතන හිමියන් විසින් විවේචනය කර තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළේ, රජය විසින් අලුතින් හඳුන්වාදුන්  6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක් හරහා පාසල් දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රමෝදනය කරන බවයි.

මෙමගින් අහිංසක දරුවන්ගේ අනාගතය විනාශ වන බව උන්වහන්සේ එහිදී කියා සිටියා.

අග්‍රාමාත්‍යවරියගේ පෙනුම සහ ඇයගේ පෞද්ගලික ජීවිතය දැඩි ලෙස විවේචනය කළ සීලරතන හිමියන්, දරුවෙකු මෙලොවට බිහි නොකර මව් සෙනෙහසේ සහ දරුවෙකුගේ අගය වටහා ගත නොහැකි බව පවසනවා.

ඇයට විවාහ වීම සඳහා සහකරුවෙකු සොයා දීමට තමන් සූදානම් බවද උන්වහන්සේ මෙහිදී උපහාසාත්මකව සඳහන් කළා.

එමෙන්ම උන්වහන්සේ අවධාරණය කළේ, රටේ අධ්‍යාපනය තවදුරටත් විනාශ වීමට ඉඩ නොතබා, අධ්‍යාපන අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පවරා දිය යුතු බවයි.

මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයට සහය දුන් ගුරුවරුන් සහ ත්‍රිරෝද රථ රියදුරන් දැන් පත්ව ඇති අසීරු තත්ත්වය පිළිබඳව උන්වහන්සේ සිය කනගාටුව පළ කළ අතර, ඔවුන් විසින්ම මෙම විනාශයට මඟ පෑදූ බවට එහිදී  චෝදනා කළා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka