gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොඩියුලයේ සෝදුපත් බැලූ අය ගැන පරීක්‍ෂණ කරනවා - විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ප්‍රකාශ කර සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව, අදාළ සිදුවීමට අදාළව පැමිණිලි ඉදිරිපත් කළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා අවධාරණය කළේ දැනට විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ල වුවද, නිසි විමර්ශනයක් මගින් කරුණු තහවුරු වන තෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 

විශේෂයෙන්ම, මෙම මොඩියුලයේ සෝදුපත් බැලූ කණ්ඩායම ඇතුළු අදාළ අංශ කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බව හෙතෙම පැවසීය.

මේ අතර, අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ මෙම වැරදි වෙබ් අඩවි නාමය ඇතුළත් කිරීම පිටුපස කිසියම් බාහිර බලපෑමක් හෝ කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව අමාත්‍යාංශයට සාධාරණ සැකයක් පවතින බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka