gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිපතිට එරෙහිව අද ‘මහජන විරෝධතාවක්’ - නීතිපති රැකගන්නත් ලොයර්ස්ලා සෙට් එකක් අද අලුත්කඩේට!

නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහා මහජන විරෝධතාවක් සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, නීතීඥවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරින් පිරිසක් විසිනි.

ඒ අනුව විරෝධතාවය අද (21) උදෑසන 10.00 ට කොළඹ, අලුත්කඩේ උසාවිය අසලදී පැවැත්වීමට නියමිතය.

නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව කියන දූෂණ ක්‍රියාවන්ට සහ දූෂිත පුද්ගලයන් ආරක්ෂා කිරීමට නීතිපතිවරයා කටයුතු කරන බවට චෝදනා කරමින්, ඊට එරෙහිව මෙම මහජන විරෝධතාවය සංවිධානය කර තිබේ.

නීතිපතිවරයා විසින් ඇතැම් දූෂිත පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔවුන් ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වී ඇත.

නීතිපතිවරයාට එරෙහි චෝදනා අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබද විමර්ශනයේදී නීතිපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි එල්ලවෙන චෝදනාව ප්‍රධාන චෝදනාවක් වී තිබේ.

ඊට අමතරව මහර සිරකරු ඝාතනය, මහේෂ් ඉන්දික නම් තරුණයා ඝාතනය කිරීම ඇතුළු සිදුවිම්වලදී නීතිපතිවරයා කටයුතු කළ ආකාරයද විවේචනයට ලක් වී ඇත.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ සහෝදරයාගේ බිරිද පාතාලයට සම්බන්ධ යැයි සැක පිට විදේශ රටකදී අත්අඩංගුවට පත්වීම ඇතුළු තවත් සිදුවීම් රැසක් නීතිපතිවරයාට එරෙහි චෝදනා ලෙස විරෝධතාකරුවන් එල්ල කර තිබේ.

එමෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව සැකකරුවන් කිහිපදෙනෙක් චෝදනාවලින් නිදහස් කිරීමට තීන්දු කළ නිසා පසුගිය වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නීතිපතිවරයාට එරෙහිව විරෝධතාවයක් පැවැත්විණි.

මේ අතර අද දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදි බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ගත් උත්සහය අසාර්ථක විය.

ඒ අනුව දූෂිත පාලනයකට එරෙහිව හඬනැගීම සඳහා සියලුදෙනාට එක්වන ලෙස සංවිධායකයෝ ආරාධනා කර සිටිති.

මේ අතර නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මහජන විරෝධතාවක් සංවිධානය කර ඇති පසුබිමක, නීතිපතිවරයාගේ ගෞරවය තහවුරු කළ යුතු බව පවසමින් “ෆ්‍රී ලෝයර්ස්” (Free Lawyers) සංවිධානය ද අද පස්වරු 1:45 ට විරෝධතාවක් සංවිධානය කර තිබේ.

එම සංවිධානය නීතිඥවරුන්ට ආරාධනා කර ඇත්තේ, අලුත්කඩේ නීතිපති කාර්යාලය අසලට රැස්වන ලෙසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය තහවුරු කිරීම ඔවුන්ගේ මෙම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ බවට එම සංවිධානය පවසයි.

මේ අතර නීතිපතිවරයාගේ කටයුතුවලට මැදිහත් නොවන ලෙස අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඊයේ (20) නිවේදනයක් නිකුත්කර තිබිණි.

(මුලාශ්‍රය – News 19)
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka