gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශිරන්ති නමට කෝටි 40ක නිවසක්.. සඳුදා ශිරන්ති රාජපක්‍ෂ FCID ට අත්අඩංගුවට පත්වෙයි ?.. සුදාගෙන් නැවතත් අනාවැකියක්.. (Video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගත් බව කියන, කොළඹ 05, ටෙ‌ාරින්ටන් මාවතේ පිහිටි රුපියල් ලක්ෂ 4000ක් (කෝටි 40ක්) පමණ වටිනා නිවසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා කොමිසම විසින් මේ වන විටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි. 

ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, අදාළ නිවස ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ  අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ අතර ප්‍රසිද්ධ Youtube කරුවකු වන සුදත්ත තිලකසිරි විසින් වීඩියෝවක් නිකුත්කරමින් කියා සිටින්නේ සඳුදා ශිරන්ති රාජපක්‍ෂ FCID ට අත්අඩංගුවට පත්වන බව විශ්ව ශක්තිය මගින් තමන්ට දන්වා ඇති බවය.

එම වීඩියෝව පහතින් 

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka