gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්පොළ දාහක් විතර මැරිලා ඇති... මෙච්චර වැනසුනේ ජලාශ එකවරම ඇරිය නිසා (Video)

පසුගිය කුණාටු සමයේදී මෙරට ප්‍රධාන ජලාශවල ජලය ක්‍රමානුකූලව අඩුකළේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රයේ කබීර් හෂීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

නොවැම්බර් 12 වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුරෝකථනය කර රජයට දැනුම් දී තිබූ බවද ඔහු අද සඳහන් කළේය.

"එකවර ගේට්ටු ටික ඇරියම මොකද වෙන්නේ. අන්තිම මොහොත වෙනකන් වතුර ටික යැව්වේ නෑ. එක පාරටම ගේට්ටු ඇරියා. ගම්පොළ නගරයේ දාහක් විතර මැරිලා ඇති.  වතුර ටික ටිකෙන් ටික ඇරිය නම් සියයට 75ක් ජීවිත බේරගන්න තිබුණා. දදුරු ඔය වාන් ගේට්ටු ඔක්කොම එක සැරේ ඇරියා. අපරාදේ  ජීවිත. ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කළේ නැහැ. වරද්ද ගත්ත නම් දැන්වත් ඒක හරියට කරමු. අපෙත් අත්දැකීම් තියෙනවා මේ ගැන අපිට කතා කරන්න තිබුනා. රජය නිසි වෙලාවට පියවර ගත්තේ නැහැ.ලැජ්ජ වෙන්න එපා. වැරදුණා නම් අපි ඒක හදාගමු"

අද පාර්ලිමේන්තුව දහවල් දොළහමාර පමණක් වන තෙක් පැවැත්වීමට විරෝධය පළ කරමින් විපක්ෂය සභා ගැබෙන් ඉවත්වීමට  පියවර  ගත්තේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka