gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා ඇමතිවරු බාල බෙහෙත් ජාවාරමේ… ජනතාව වෙනුවෙන් අපි පාරට බහිනවා…! – සජිත් ප්‍රේමදාස

බාල බෙහෙත් ජාවාරම ක්‍රියාත්මක කරන සියලු දෙනාට විරුද්ධව සමගි ජන බලවේගය ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් මහ පාරට බැස මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

වත්මන් රජයට වරමක් ලැබුණේ පැවති රජයේ ඖෂධ වංචාව ඉදිරියට ගෙන යෑමට නොවන බවත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට වගකීමෙන් බැහැර විය නොහැකි බවත් විපක්ෂ නායක පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන හරහා බෙහෙත්වල ප්‍රමිතිය සොයා බැලිය යුතු බව විපක්ෂ නායක කීවේය.

මීට වසර කිහිපයකට පෙර මෙරට අන්ත දූෂිත, අන්ත වංචනික බාල බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ ඒ ගැන හෙළිදරව් කළෙත් එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙන ආවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක කීවේය.

බාල බෙහෙත් වංචා නව රජය සමග නතර වේ යැයි සිතුවත් වත්මන් රජය යටතේ ද බාල බෙහෙත් මාෆියාව ක්‍රියාත්මක වන බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි. එදා “හොර බෙහෙත් ජාවාරම නතර කරනවා” යැයි සටන් පාඨ කියූ වත්මන් රජයේ මැති-ඇමතිවරු අද රිසි සේ බාල බෙහෙත්., බාල එන්නත් ජනතාවට බෙදා දීමට කටයුතු කරන බව ඔහු කීවේ ය.

මාෆියාව ක්‍රියාත්මක වීම නිසා පසුගිය දින බාල එන්නත් නිසා කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ප්‍රමිතියෙන් තොර එන්නත්, ඖෂධ ලබා දීමේ කූට ජාවාරම අදටත් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායක කීවේ ය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය මූලික රෝහලට සෞඛ්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka