gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වන් ගෝල්ෆේස්හි අවන්හලකින් වතුර වෙනුවට සැනටයිසර් පොවලා... වේටර්ට ඇප!

වන් ගෝල්ෆේස් හි පිහිටි අවන්හලකින් බීමට වතුර බෝතලයක් ඉල්ලූ විට සැනිටයිසර් බෝතලයක් ලබාදීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් එහි වේටර්වරයකු ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා ඊයේ (24) නියෝග කළේය.

එම වේටර්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඩී.පී. රත්නවීර නමැති අය විසින් කොටුව පොලිසිය ට කර තිබූ පැමිණිල්ලක් මතය.

සැකපිට අත්අඩංගුවට ගත් වේටර්වරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව 2026 පෙබරවාරි 6 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොටුව පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරු මෙම මස 15 වැනිදා සිය ගර්භනී බිරිඳ අවුරුදු එක හමාරක් වයසැති දරුවා සහ බිරිඳගේ නැගණිය සමග රාත්‍රි ආහාරය ලබාගැනීම සඳහා අදාළ අවන්හල වෙත ගොස් ඇතැයි දන්වා සිටියේය.

එහිදී පැමිණිලිකරු විසින් වතුර බෝතලයක් ඉල්ලා ඇති බවත්, සැකකාර වේටර්වරයා විසින් වතුර බෝතලය වෙනුවට සැනිටයිසර් බෝතලයක් රැගෙන විත් වීදුරුවලට දමා ඇති බවත් පැමිණිලිකරු විසින් එය පානය කර ඇති බවත් දන්වා සිටි පැමිණිල්ලේ නීතිඥ පුලස්ති රණවීර ඒ හේතුවෙන් තම සේවාදායකයාට කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලින් ප්‍රතිකාර ලබාගැනීමට පවා සිදුවූයේ යැයි අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු විසින් පැමිණිලිකරු වෙත ලබාදුන් සැනිටයිසර් අඩංගු බව කියන බෝතලය වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි කොටුව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය ලබන 2026 පෙබරවාරි 6 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට නියම කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka