gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරු පොලිසියෙන් ගේම ඉල්ලයි... හැරෙන තැපෑලෙන් තද පිලතුරක්!

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාලව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය, හිරු ප්‍රවෘත්ති අංශය ලිඛිතව සිය විරෝධය පළ කර ඇත. 

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද වාර්තාකරණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට, හිරු ප්‍රවෘත්ති අංශය ලිඛිතව සිය විරෝධය පළ කර ඇත. 

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට මෙමගින් බරපතළ බාධා එල්ල වන බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

හිරු ටීවී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව යොමු කළ මෙම පිළිතුරු ලිපියේ 

අදාළ අපරාධයට අදාළව පොලිසිය විසින්ම පටිගත කරන ලද ඉතා වැදගත් සාක්ෂියක්, මාධ්‍ය මගින් අනාවරණය කරන තෙක්ම රටට හෙළි නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටියි. 

එවැනි ප්‍රබල සාක්ෂියක් අධිකරණයට හෝ මහජනතාවට ඉදිරිපත් නොකර වසන් කිරීමට පොලිසිය ගත් තීරණය පිටුපස ඇති පදනම අපැහැදිලි බව එම ලිපියේ සඳහන් වේ.

සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එල්ල වූ ප්‍රහාරය සහ ගංජා වැටලීම අතර ඍජු සබඳතාවක් පවතින බවට වින්දිත නිලධාරියා කළ ප්‍රකාශ මගින් තහවුරු වන බව හිරු ටීවී පවසයි. පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් හෙළි වී නැතැයි යන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථාවරය හිරු නාලිකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

මෙම සිදුවීම් දෙක අතර පවතින සබඳතාව ඔප්පු කිරීමට අවශ්‍ය තරම් මූලාශ්‍ර සහ සාක්ෂි තමන් සතුව පවතින බව අවධාරණය කරන හිරු ටීවී ආයතනය, තමන් මෙම තොරතුරු රටට අනාවරණය කළේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka