gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සති අන්තයේ ට්‍රිප් ගියාට කමක් නැද්ද කියලා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට කෝල් එන්න පටන් ගනියි

නායයෑම් හේතුවෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස්තුනකට අදාළව නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඉකුත් දිනවල බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට ඇදහැළුණු මි.මී. 75 ඉක්මවූ වර්ෂාව හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංවිධානය පවසයි.

පෙරේදා (11දා) මීගහකිවුල සහ දෙමෝදර යන ප්‍රදේශවලින් නාය යෑමේ සිදුවීම් වාර්තා වූ බැවින් ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත්, කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2 යටතේ අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙස දන්වා නිකුත් කර තිබූ නායයෑම් නිවේදනය දිස්ත්‍රික් තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට තවදුරටත් ක්‍රියාත්මක බවද ඒ මහතා පවසයි.

එසේම රටේ පවතින ආපදා තත්ත්වය යටතේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී සිටින ලෙසද ඉල්ලා සිටින ඒ මහතා, සති අන්තයේ විනෝද චාරිකා යෑමට ඇති හැකියාව විමසමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත දුරකථන ඇමැතුම් කීපයක් ලැබුණු බවද සඳහන් කර සිටී.

මහනුවර දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක තුනට මේ වනවිට අනතුරු ඇඟවීමේ 3 මට්ටම සහ රතු නිවේදන ද නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය (පොල්ගහවෙල, අලව්ව) නුවරඑළිය දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලට අනතුරු ඇඟවීමේ 2 මට්ටමේ දැනුම්දීම් සිදුකර තිබේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වෙත අනතුරු ඇඟවීමේ 1 මට්ටමේ සහ විමසිලිමත් වන ලෙස දැක්වෙන කහ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka