gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“එන්නත තහනම් කළ පසු IDH එකේ රෝගීන් 8කට එන්ත විදලා, මියගියේ එක්කෙනයි” – රවී කුමුදේශ්

ජාතික ඖෂධ නියාමනාධිකාරිය විසින් 12 වැනිදා තහනම් කළ එන්නත, එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ රෝහල වන බෝවන රෝග රෝහල (IDH) තුළ 13 වැනිදා රෝගීන් අටදෙනෙකුට ලබාදී ඇති බවත්, කෙසේවුවද මියගොස් ඇත්තේ එක් රෝගියෙක් පමණක් බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

ඒ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එංගලන්තයේ සිට වීඩියෝවක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එම රෝහල ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රෝහලක් බවද ඔහු කියා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

“සමාගමක් එම එන්නත්වල දේශීය නියෝජිතයා වුණාට., ගෙන්වීම බෙදා හැරීම විතරක් නෙවෙයි නෙවෙයි තත්ත්ව පාලනය තහවුරුව ලබා ගන්න ඕනෙත් ඖෂධ නීතිගත සංස්ථාව විසින්. දැන් බැක්ටීරියාවක් ඉන්නවා කියලා ඖෂධ නියාමන අධිකාරිය කියනවනම්, පූර්ව වශයෙන් කරපු පරීක්ෂණවල වැරැද්දක් තියෙන්න ඕනේ. ඒ වගකීම ඖෂධ නීතිගත සංස්ථාව විසින් දැරිය යුතුයි.”

“එන්නත් පිළිබඳව ගැටළුවේ සියළු වගකීම් සමාගමක් මත පටවලා සියලු පව් හෝදගන්න ඖෂධ නියාමන අධිකාරියටත්, ඖෂධ නීතිගත සංස්ථාවටත් බැහැ

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා අනවශ්‍ය ප්‍රශ්නයක් මහනුවර ජාතික රෝහල් රසායනාගාරය මත පටවනවා. මහනුවර ජාතික රෝහලේ රසායනාගාරය පරීක්ෂණයක් කළත් කරන්නේ රෝහල තුළ උවමනාවකට මිස ඖෂධ තත්ව පාලනයට නෙවෙයි. එනිසා ඒ මත බර තබමින් එන්නත් අත්හිටවීම මගින් ගැටලුවක් ඇතිවුණොත් අනවශ්‍ය රසායනාගාරය මත පැටවෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත, ප්‍රමිතිකරණය කරන රසායනාගාරයක දුන්න වාර්තාවක් අභියෝග කරන්න මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට බැහැ” 

“කතාන්දරයක් විදිහට ඉදිරිපත් කරන මේ එන්නත් තහනම් කිරීමේ ගැටලුව ඇතුලෙන් නොකියවෙන කතා ගොඩක් තියෙනවා.* ඉමිනෝග්ලොබියුලින් කතාව ආවෙත් මේ විදිහටම තමයි. එනිසා මේ කතාවේ හිස්තැන් පුරවා ගන්න එක බාල ඖෂධ තවත් විශාල හොරකමක සුල මුල හොයාගන්න වැදගත් වෙනවා. ඒකෙදි අපි ඉල්ලන්නේ පුද්ගල වන්දනාවේ යෙදෙන්නේ නැතුව ක්‍රමය ප්‍රශ්න කරන්න කියලයි. මේ ගැටළුවේදී නියාමන අධිකාරිය වැඩ කරලා තියෙන්නේ නියමිත ක්‍රමය ඇතුළෙ නෙවෙයි කියලා බැලූ බැල්මට පේනවා.”

එන්නතේ දේශීය නියෝජිතයා…

අදාළ එනතේ දේශීය නියෝජිතයා වන්නේ පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම හා අනුබද්ධිත (PTC Holdings (Privet) Limited) පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගම (PTC Medical (Private) Limited) සමාගමයි.

පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (PTC Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ඔවුන්ගේ සමාගම් වෙබ් අඩවියේ ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන්ගේ නම් ඇතුළත් කර තිබේ.ගිහාන්, විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ පුත්‍රයාය.

එසේම, ජාලිය වික්‍රමසුරේන්ද්‍ර මහතා වත්මන් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ඥාති සොයුරෙක් බව පැවසේ.


- srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka