gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරු නාලිකාව මර්දනය අඳුර යුගයක මුල් පියවරයි

මහජන හඬ ජාතික බලමුළුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

හිරු නාලිකාව මර්දනය අඳුර යුගයක මුල් පියවරයි

ජනප්‍රියතම රූපවාහිනි නාලිකාවක් වන හිරු නාලිකාව විසින් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා නගන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයේ කසකාරයා බවට පත් වී ඇත.  මෙම සිදුවීමත් සමග මාලිමා ක්‍රියාකාරින් හිරු නාලිකාවට එරෙහිව පැමිණිලි ගොනු කිරීමත් හිරු නාලිකාව තහනම් කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය තුල මත විමසුම් පැවැත්වීමත් ආරම්භ කර ඇත.

මෑත කාලයේ දී මාලිමා ආණ්ඩුවේ දූෂණ සහ වංචා ජනගත කිරීමේ ප්‍රමුඛතම කාර්රයක් හිරු මාධ්‍ය ජාලය විසින් අභීතව ඉටු කළ බව අවිවාදිතය.  මාලිමා ආණ්ඩුව හිරු නාලිකාව මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ තුලින් ජනමාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් බියට පත් කර ජනතාව ඇත්ත දැන ගැනීම වැලැක්වීමයි.  එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සෑම පුරවැසියෙකුම මේ අවස්ථාවේ සියළු භේද පසෙක ලා හිරු මාධ්‍ය ජාලයේ භාෂණයේ නිදහස රැක ගැනීම උදෙසා පෙරට පැමිණිය යුතුය.

මාධ්‍ය නිදහස සුරැකීම යනු හුදු භාෂණයේ නිදහස සුරැකීම පමණක් නොව ජනතාවගේ සිතීමේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරැකීමයි.  එබැවින් ඇත්තෙන්ම අද අවදානමට ලක් වී ඇත්තේ හිරු මාධ්‍ය ජාලයේ භාෂණයේ නිදහස නොව ජනතාවගේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ අයිතියටයි.  ඒ අයිතිය රැක ගැනීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.

අද මාලිමාව යන වෙස් මුහුණ බැඳ රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින්නේ ඉතිහාසයේ ජීවිත දස දහස් ගණනක් බිලි ගත් රට තුල භීෂණ යුග තුනක් නිර්මාණය කළ ජවිපෙයි.  එබැවින් දශක හතරකට ආසන්න කාලයක් නිදි ගන්වා තිබුණු භීෂක යක්ෂයා ජවිපෙ තුල දැන් අවදී වී ඇති බව විද්‍යාමාන වේ.  එබැවින් මාලිමා මාධ්‍ය මර්දනය හුදු හිරු නාලිකාවට එල්ල වුණු මර්දනයක් වෙනුවට සමස්ත සමාජයටම එල්ල වුණු තර්ජනයක් ලෙස සලකා එයට එරෙහිව නැගී නොසිටියොත් නුදුරු අනාගතයේ එය රාජ්‍ය ත්‍රස්තවාදයකට පෙරලීමේ අනතුරක් ඇත.  ජවිපෙ ත්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක් රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු වීමට පෙර රටම එළිය කරන හිරු මාධ්‍ය ජාලය රැක ගැනීමට එක් වන මෙන් අපි සමස්ත ජාතියටම ආයාචනා කරමු. 

විධායක සභාව
මහජන හඬ 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka