gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ වුනත් රජය අපිව තනි කළේ නැහැ... රජය පුදුම විදිහට උදව් කළා – සජබ පාලනය යටතේ පවතින ගම්පොළ නගර සභාවේ සභාපති කියයි

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කරමින් සිටින බව ගම්පොළ නගර සභාවේ සභාපති සමගි ජන බලවේගයේ ඉරුක වීරරත්න මහතා පවසනවා.

ඒ සඳහා වත්මන් රජයෙන් ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

පසුගියදා පැවති ආපදාවෙන් ගම්පොළ නගරයට දැඩි හානි සිදුවුණා.

නගරය ජලයෙන් යටවීමත් සමග කැලිකසල නිසි පරිදි ඉවත් නොකළ බවට විවිධ චෝදනා ද එල්ල වුණා.

මේ වන විට නගරය කැලිකසලවලින් තොර නගරයක් බවට පත්කිරීමට බොහෝ දුරට හැකිවී ඇති බවයි නගර සභාවේ සභාපති ඉරුක වීරරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ.

ගම්පොළ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක අසේල අමරසේන මහතා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට එක්ව සිටියා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka