gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න

පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන් කැඳවා වහා එම තීරණය ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති සහ අගමැති කාර්යාල වල ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන නැතැයි කී හිටපු ජනාධිපතිවරයා පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයි ද කීය. රට මුහුණ දී සිටින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් සමඟ පැවැති මෙම සාකච්ඡාව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.

(අංජුල මහික වීරරත්න)
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka