gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කුණාටුවක් එනවා කියා නිල දැනුම්දීමක් කලේ නෑ.. ‘දිට්වා’ කියා නම තිවුවෙත් 28 වෙනිදා....

ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූ බවටත්, ඒ ගැන නොසලකා හැරිය බවටත් එල්ල වන චෝදනා "පට්ටපල් බොරුවක්" බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අභියෝග කර සිටියේ, කවර හෝ ආයතනයක් නොවැම්බර් 12 වැනිදා නිල නිවේදනයක් හැටියට එහෙම දෙයක් පවසා තිබේ නම්, කරුණාකර එය සභාගත කරන ලෙසයි.

නොවැම්බර් මාසය පුරාවටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිරිපත් කළ වාර්තා තමා සතුව තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, කිසිම තැනක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් එබඳු නිවේදනයක් නිකුත් කර නොමැති බව අවධාරණය කළේය.

නොවැම්බර් 12 උදෑසන වාර්තාවක් කොතැනකවත් නිකුත් කර නැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවැනි වාර්තාවක් නිකුත් කළහොත් පමණක් එය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහ අදාළ ආයතන වෙත යොමු වන බවද හෙතෙම පැවසීය.

කිසිදු නිල කරුණක් නොමැතිව, මන්ත්‍රීවරුන් ගණනාවක් එක්තරා නාලිකාවක අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බවත්, එමෙන්ම එම කරුණු විකෘති කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

නොවැම්බර් 12 වැනිදාට පෙර එබඳු කිසිදු වාර්තාවක් නිකුත් වී නොමැති බවට කරුණු දක්වමින්, අමාත්‍යවරයා නිල වාර්තා මෙලෙස පැහැදිලි කළේය.

නොවැම්බර් 25 කැළඹිලි සහිත අඩු පීඩන තත්ත්වය වර්ධනය වීම ආරම්භ විය.

නොවැම්බර් 28 (උදේ 3:00): පීඩන අවපාතයක් පිළිබඳ වාර්තාව නිල වශයෙන් නිකුත් කරන ලදී.

නොවැම්බර් 28 (දවල් 1:00 සහ 4:00): මෙම පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවට වාර්තා කරන ලදී.

නොවැම්බර් 28 (රාත්‍රිය): ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව නිවේදනවල ඇති බවත් පැවසූ ඇමතිවරයා කුණාටුවට ‘දිට්වා’ ලෙස නම් කලේ එදින බවත් පැවසුවේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka