gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙසක් පොහොයත් වරද්දලා.. කැලැන්ඩරයේ වෙසක් පොහොය දිනය වෙනස් කරන්න… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන දිනයේදී විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය මැයි මස 30 වැනිදාට යොදා ගැනීම සුදුසු බවට තීරණය කළ බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක  වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව 2026 මැයි 30 දිනට යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද එදිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපතිවරායට දැනුම් දී ඇත.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේද සඳහන් වෙයි.

ලබන වසරේ මැයි මස 01 වන දින හා 30 යන දෙදිනම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ද 2026 මැයි 30 දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ද යොදා ඇත. එහෙත් 2026 මැයි 01 දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් නක්ෂත්‍ර ප්‍රවීණයන්ගේ ද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව ද විසා නැකත යෙදෙන 2026 මැයි 30 දිනට උදාවන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස යොදා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාව සම්බුදු තෙමඟුල නිමිති කොටගෙන ධර්මාර්ථ චර්යාවෙන් පෝෂිතව වෙසක් පුන් පොහෝ දිනය ඉමහත් ශ්‍රද්ධාවෙන් අනුස්මරණය කරන අතර ම වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත බෞද්ධ ආගමික චාරිත්‍රයෝ ද බොහෝ පවතින හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවාණු පිළිබඳ අතිශය සාවධානව කටයුතු කිරීමට යුහුසුළු වෙති.

“වෙසඛනක්ඛත්තෙන ජාතො ච අභිසම්බුද්ධො ච පරිනිබ්බුතො ච’ යන බුද්ධ වංස අට්ඨ කථා පාඨයට අනුව සිද්ධාර්ථ කුමාරොත්පත්තියත්, සම්බුද්ධත්වයට පත් වීමත්, සම්බුද්ධ පරිනිර්වාණයත් විසා නැකතෙන් ම සිදු වී බව පැහැදිලි වේ. ඒ අනුව නක්ෂත්‍රානුකූලව ද වෙසක් පුන් පොහෝ දිනය විසා නැකතට යෙදෙන පසළොස්වක දිනක ම යොදා ගැනීම චිරාගත චාරිත්‍රයයි.

ඒ අනුව 2026 මැයි 30 යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද 2026 මැයි 30 දිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුක්තව සිහිපත් කර සිටිම්හ.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka