gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආපදා අනතුරු අඟවද්දි ජනාධිපති හමු වුණේ සංගීත්ලා රංජන්ලා…කොත්මලේ දොරටු ඉබේ ඇරෙනකල් ආණ්ඩුව මර නින්දේ…! – ඩී.වී. චානක…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දිගින් දිගටම අනතුරු අඟවන විට BBC ආයතනය ලංකාවට මිලි මීටර් 500කට අධික වැස්සක් ඇද වැටීමට නියමිත බව ප්‍රකාශ කරන විට ජනාධිපතිවරයා සංගීත් විජේසූරිය, රංජන් රාමනායක වැනි අය සමග සාකච්ඡා පවත්වමින් සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් ගම් වතුරින් ආපදාවට පත්වන ප්‍රදේශවල ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළ හැකිව තිබුණ ද ඒ කිසිවක් නොකළ බවයි.

අධික වර්ෂාව සමග කොත්මලේ ජලාශයේ දොරටු විවෘත කර ජලය ඉවත් කළ යුතුව තිබුණ ද වාන් දොරට ස්වයංක්‍රීයව විවෘත වන තුරු කිසිවක් කර නොමැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සිදුවුණේ ද මෙයම බවත් එවක ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු අයට වන්දි ගෙවීමට සිදුවූ බවත් තවමත් නඩුව විභාග වන බවත් සඳහන් කළ ඩී.වී. චානක, මෙම සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය බව ද අවධාරණය කරයි.

ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka