gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විශ්වවිද්‍යාල පීඨාධිපති අංශාධිපති ධුරත් ආණ්ඩුව යටතට.. ඉහමොළ රත් වූ මාලිමා මහැදුරන් මාධ්‍ය හමුවක…!

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පිඨාධිපති සහ අංශාධිපති ධුර පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය පාලක සභාවට පැවරීමට ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්යවරන්ගේ සංගමය පවසයි.

ආචාර්ය පවිත්‍රා ජයවර්ධන පවසන්නේ බහුතරයක් ආණ්ඩුවේ නියෝජිතයන් පත්කරන මෙම පාලක සභාවට මෙම පනත් කෙටුම්පත හරහා විශාල බලයක් ලබාදීමට සූදානම් බවත් එමගින් විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්ට සහ අංශාධිපතිවරුන්ට ස්වාධීන කටයුතු කර ගෙන යෑමට ඉඩ ලැබේද යන ගැටලුව මතු වන බවත් ය.

විශාල ස්වාභාවික ආපදාවක් සිදුව ඇති මොහොතක හදිසියේම ආණ්ඩුව සම්මත කර ගැනීමට උත්සාහ කරන මෙම පනත් කෙටුම්පත ගැන තමන් දැනුම්වත් කර නොමැති බව ද ඊට සිය අප්‍රසාදය පළකරන බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි. මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම තාවකාලිකව නතර කරන ලෙස ද මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්ඩ්‍රික්ස් ඇතුළු ආචාර්යවරු පිරිසක් සහභාගී වූහ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka