gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කුණාටුවට වාහන මිලත් ගසාගෙන යයි.. අලෙවිය අඩියටම වැටී මිලත් බහී..

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට වාහන වෙලදපල අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.  මේ තත්ත්වය හමුවේ, දින 90ක කාලසීමාවක් තුළ විකිණීමට අපොහොසත් වන වාහන වෙනුවෙන් ගෙවීමට සිදුවන දඩ මුදල් සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ආනයනකරුවන් පෙන්වා දෙන්නේ, සුළි කුණාටුවෙන් පසුව ජනතාව මුහුණ දුන් දුෂ්කරතා නිසා, වාහන මිලදී ගැනීම සඳහා වෙන් කර තිබූ මුදල් වෙනත් හදිසි අවශ්‍යතා සඳහා යොදවන්නට ඇති බවය. 

මෙම කුණාටු තත්ත්වය ආරම්භ වූ නොවැම්බර් 27 වනදා සිට මේ දක්වා කාලය තුළ වාහන අලෙවියේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබුණු බවට ඔවුහු කරුණු ඉදිරිපත් කරති. 

බොහෝ දෙනෙකුට වාහන මිලදී ගැනීම ගැන සිතීමටවත් නොහැකි තත්ත්වයක් ඇති ව තිබෙන බවත්, සමහරුන්ට තම නිවෙස්වලින් පිටතට ඒමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

දින 90ක් ඇතුළත වාහනයක් අලෙවි කර ගැනීමට නොහැකි වුවහොත්, වාහනයේ මාදිලිය අනුව වෙනස් වන දඩ මුදල රුපියල් ලක්ෂ 1 සිට 15 දක්වා වූ පරාසයක පවතියි. 

එම කාලය තුළ විකිණීමට නොහැකි වන නව ජපන් ඇල්ටෝ රථයක් සඳහා රුපියල් ලක්ෂ 2ක පමණ දඩයක් ද, හොන්ඩා වෙසල් රථයක් සඳහා රුපියල් ලක්ෂ 4ක පමණ දඩයක් ද ගෙවීමට සිදුවන බව ඔවුහු පැහැදිලි කරති.

වසර 5කට පසු වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු, සමස්ත වාහන අලෙවිය යථා තත්ත්වයට පත් වී ඇති බවත්, පහත වැටී තිබූ වාහන මිල ගණන් ද දැනට ස්ථාවර වී ඇති බවත් වාහන ආනයනකරුවෝ පවසති.

කෙසේ වෙතත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් මාසයේ ඉහළ මට්ටමක පැවති නව හා පාවිච්චි කළ වාහන ලියාපදිංචිය, අඛණ්ඩව දෙවන මාසයටත් එනම් පසුගිය නොවැම්බර් මාසයේදී සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත. 

මේ අතර මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු විවිධ කාණ්ඩවල ලියාපදිංචිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී පහළ ගොස් තිබීම විශේෂත්වයකි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka