gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසේ ලොකුම විනාශේ වුණේ අනුරගේ කාලේ… සිහි විකල් වෙලා…මඤ්ඤං… බුදු හාමුදුරුවොත් අත්අඩංගුවට ගත්තා…!

ලංකා ඉතිහාසයේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේ තරම් විනාශයක් කිසි දිනක සිදු නොවූ බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංඟුනවැවේ ධම්මරතන හිමි පවසයි.

“ත‍්‍රිකුණාමලයේ තැන්පත් කළ බුද්ධ ප්‍රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්තා. අපේ සංස්කෘතියට ගහන්න පටන් ගත්තා ආපු ගමන්. බුද්ධ ශාසන අමාත්‍යංශය නැති කෙරුවා.

මඤ්ඤං කියවනවා. සිහි විකල් වෙලා.. අමුකැවිල. මේ බලය ඔරොත්තු දෙන්නේ නෑ. මොකද මිත්‍යාවත් එක්ක ඉන්නේ. ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලයේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ.

දැන් දැක්කනේ අපි තුන් හතර දෙනෙක් බහිනකොට ගහලා එළවන්න ලෑස්ති වුණා. ඒ හින්දා ඒ තව ඉස්සරහට වෙයි.

පාස්කුව වළක්වා නොගැනීමේ හේතුවෙන් මෛත්‍රීපාලට ගෙවන්න වුණා ලක්ෂ ගාණක්. පාස්කු ප‍්‍රහාරයටත් වඩා, එල්ටීටීඊ යුද්ධයටත් වඩා, ජේවීපි කල්බලවටත් වඩා රටට විනාශයක්.”

මිහින්තලා රාජමහා විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka