gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අරගලයේ මහමොළකරු ඉන්දියාව… කතානායකට බලපෑම් කළේ බග්ලේ… නවතම හෙළිදරව්ව මෙන්න…!

2022 අරගලයේ උච්චතම අවස්ථාවේ කතානායක නිල නිවස අරගලකරුවන් වටලා ඇති පසුබිමක එවක කතානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී ඇත්තේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් නොව හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ බව අනාවරණය වී තිබේ.

අනතුරුව ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහගේ ලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සිය අරගලයේ බලය නම් කෘතිය ඔස්සේ මෙය හෙළිදරව් කර තිබේ.

මෙයට පෙර හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ සේන තෝරදෙණිය අරගලය අලළා රචනා කළ කෘති මගින් “ජනාධිපති ධුරය ගන්න, ගත්තොත් විනාඩි 45න් අරගලය අවසන් කරනවා.” යැයි හිටපු කතානායකවරයාට දැනුම් දුන්නේ ජූලි චන්ග් බවට චෝදනා කර තිබිණි.

ගෝපාල් බග්ලේ කතානායක නිල නිවසින් නික්ම ගිය පසු ඕමල්පේ සෝභිත හිමි, අගලකඩ සිරිසුමන ඇතුළු නියෝජිත පිරිසක් ද කතානායවරයා හමු වී පෙර කී යෝජනාවම සිදුකර ඇත. කෙසේ වුව ද එය ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් ඉතාම අනතුරුදායක පසුබිමක වුව ද හිටපු කතානායක මහින්ද අබේවර්ධන අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka