gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බියක්.. අද දවස තුළ බෝම්බයක් පුපුරවන බවට තර්ජනය කරමින් මේල් එකක් එවයි...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇටවූ වාහනයක් නතර කර තිබෙන බවට ලද ඊමේල් පණිවිඩය ව්‍යාජ එකක් බව පොලිසිය ප්‍රකාශ කර පැයක් යන්නට මත්තෙන් යළිත් වරක් එවැනිම ඊමේල් පණිවිඩයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපෑලට යොමු වීම හේතුවෙන් සේවකයින් විශාල පිරිසක් නිවාඩු දමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගොස් ඇත.

මෝටර් රථයක අටවා තිබෙන බෝම්බයක් පුපුරා යෑමට නියමිත බවට ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවට දිස්ත්‍රික් ලේකම්වරයා අද (26) පෙරවරුවේ පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

කාර්යාල පරිශ්‍රයේ නවතා තිබූ සියලු වාහන සෝදිසි කිරීමෙන් පසු අදාළ ඊමේල් පණිවිඩය ව්‍යාජ එකක් බව තහවුරු කරගත් පොලිසිය සෝදිසි මෙහෙයුම සඳහා යොදවා තිබූ කණ්ඩායම් ඉවත් කර ගනු ලැබීය.

පැය දෙකකක පමණ කාලයකින් පසු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අද (26) දහවල් ආරම්භ කර සුළු වේලාවකට පසු අද දිනය තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් පුපුරා යන බව දන්වමින් නිල විද්‍යුත් තැපෑලට ඊමේල් පණිවිඩයක් යොමු කර තිබීම හේතුවෙන් නැවත වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නොසන්සුන්තාවක් ඇති විය.

මෙම ඊමේල් පණිවිඩයත් සමඟ යළිත් වරක් පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේය.

මෙම තත්ත්වය තුළ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙපාර්තමේන්තුවල සේවය සේවක සේවිකාවන්ගෙන් 80% ක් පමණ දින භාගයක නිවාඩු දමා නිවෙස් කරා පිටව ගොස් ඇත.

-අසේල කුරුළුවංශ



මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka