gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සොච්චමක් දීලා බේරෙන්න දෙන්න බෑ.. කුණාටුවේ පාඩුව ඇමරිකාව ඇතුළු රටවල්වලින් වන්දි ගත යුතුය..

දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවට වූ ඩොලර් බිලියන 7ක පාඩුව ලෝකයේ වැඩිම පරිසර හානි සිදුකරන ඇමරිකාව, චීනය, රුසියාව, යුරෝපා සංගමය ඇතුළු රටවලින් වන්දියක් විදිහට අය කර ගත යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

“දිට්වා කුණාටුවේ කනගාටුවෙන් ඉදිරියට” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණය කොළඹ සිංහ සමාජ ශාලාවේදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව කීවේය.

එහිදී ජයගොඩ මහතා මෙසේ ද කීවේය.

අපි දන්නවා මේ වෙද්දි ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2.2කින් ඉහළ ගිහිල්ලා. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන් වගේ වායු වර්ග අධික ලෙස වායුගෝලයට මුදාහැරීම නිසා තමයි මේ විදිහට වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේවා සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් නිසා වුණ දේවල් නෙවෙයි. මහාපරිමාණ සමාගම් විසින් පවත්වාගෙන විශාල කර්මාන්තශාලාවලින් තමයි පෘථිවියට දරන්න බැරි තරම් විෂ වායු අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2021 අවුරුද්දේ එළිදක්වපු මහාචාර්ය පීටර් නොවෙල් වාර්තාව කියන විදිහට ලෝකයේ සමස්ත ජනතාව විසින් වායුගෝලයට මුදාහරින මුළු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 37%ක් වායුගෝලයට මුදාහැරීම කරන්නේ ලෝකයේ පොහොසත්ම ධනකුවේරයෝ 100 දෙනා විසින්.

අපි දන්නවා ගෝලීය උණුසුම අවම කිරීම සඳහා ලෝකෙම එකතුවෙලා විවිධ ප්‍රතිපත්ති ගේන්න උත්සාහ කළා. හැබැයි ඒ හැම වෙලාවකදිම ලෝකේ වැඩිම වායු දූෂණයක් කරන රටවල් අතරින් ඉහළින්ම ඉන්න ඇමරිකාව, චීනය, රුසියාව, යුරෝපා සංගමය ඒ ප්‍රතිපත්තිවලට එකඟ වුණේ නෑ. ඇමරිකානු ජනාධිපති ජෝජ් බුෂ් එකවෙලාවක කිව්වා මම බකමූණෝ, වවුල්ලු වගේ සත්තුන්ට වග කියන්න බැඳිලා නෑ. 

මම වගකියන්නේ ඡන්ද දායකයන්ට කියලා. එහෙම තමයි ලෝකේ ධනේශ්වර නායකයෝ තමන්ගේ උපායමාර්ගය තේරුවේ. මුළු මිහිතලයම විනාශයට ඇදලා දාලා තමයි අර සුළුතරයක් වෙච්ච ධනකුවේරයන්ට ලාභ කඳු ගොඩගහන්න පාරක් කපලා දුන්නේ. එහෙම කරලා දැන් එනවා ඒගොල්ලො මිනිස්සු කඳු උඩ ගෙවල් හදපු නිසා තමයි නාය ගියේ වගේ කතා කියලා මේ විනාශයේ වගකීම මිනිස්සුන්ගේ කරමත පටවන්න. ආධාර කියලා සොච්චමක් අපේ පැත්තට වීසි කරලා අත පිහදාගන්න තමයි ඒ රටවල් සූදානම් වෙන්නේ. දැනට ඇස්තමේන්තු කරලා තියන විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විනාශයක් ලංකාවට දිට්වා සුළි කුණාටුව නිසා වුණා. 

අපි කියනවා ඒ විනාශයේ අලාභය ලෝකයේ ධනකුවේරයෝ ඉන්න ඇමරිකාව, චීනය, රුසියාව, යුරෝපා සංගමය ඇතුළු රටවලින් වන්දියක් විදිහට අය කරගන්න ඕන. ආධාර කතන්දර වැඩක් නෑ මේ විනාශයට වගකිව යුතු රටවල් විනාශයට වන්දි ගෙවන්න ඕන.

අනුරාධ හිරිපිටියගේ
Divaina

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka