gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නායේ යෑමේ වදානමක්… මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය දින නියමක් නැතිව වසා දමයි…

නාය යෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහාමායා විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබේ. මහනුවර මහා මායා බාලිකා විදුහල පසුගිය 16 වැනි දින ආරම්භ කළ අතර පාසලට ඉහළින් ඇති රජපිහිල්ල මාවතේ ස්ථාන කිහිපයක පවතින නාය යෑමේ අවදානම සැලකිල්ලට ගෙන පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කල බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුහල්පති ශෂිකලා සේනාධීර   කීවාය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් රජපිහිල්ල මාවත පරීක්ෂා කිරීමෙන් පසු වැසි තත්ත්වයත් සමඟ පාසලට ඉහළින් ඇති කොටස නාය යෑමේ අවදානමක් පවතින බව දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

මහාමායා බාලිකාවට ඉහළින් රජපිහිල්ල මාවත දක්වා ඇති කඳු සහික කොටසේ හෝටල් හා නිවාස ගණනාවක් පවතින අතර යම් හේතුවකින් නාය යෑමක් සිදු වුවහොත් එම ගොඩනැගිලිද පාසලේ ගොඩනැගිලි මතට කඩා වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.




-අසේල කුරුළුවංශ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka