gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩබස්වයි

කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන්  නියමුවා සමත් ව තිබේ.

ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද (17) අලුයම 12:17 පමණ යළි ගුවන් යානය ගොඩ බැස්වීම සිදුකළ බවය.

තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ ඊයේ  රාත්‍රී 10.00ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව, හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000ක පමණ උසකින් නොට්ස් 140ක පමණ වේගයකින් පියාසර කරමින්, ගුවන් යානයෙහි වූ ඉන්ධන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින්, ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා පැය දෙකකට අධික කාළයක් මෙම ගුවන් නියමුවා විසින් ගත කර තිබු අතර මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A- 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක් බව සඳහන්ය.

ඒ අනුව අද අලුයම 12.27ට මෙම ගුවන් යානය ආරක්ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙම ගුවන් යානයෙහි නියමුවා සමත් වී තිබුණි.

එහෙත් මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ , ගිනි නිවීම් රථ, වෛද්‍ය කාර්යය මණ්ඩල, ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කළපුව තුළ ද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණි.

ගුවන් යානයෙහි වූ මගීන් යානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka