gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සංඛ්‍යාත ජනතාවගේ… ඒ ගැන අවසන් තීන්දුව රජයේ… දිගින් දිගටම ව්‍යාජ පුවත් මවන මාධ්‍ය ආයතනවලට රජය අවසන් අනතුරු ඇඟවීමත් කරයි!

මාධ්‍ය ආයතන පවත්වාගෙන යන සංඛ්‍යාතවල අයිතිය මහජනයා සතුවනවා සේම එම සංඛ්‍යාත සම්බන්ධව තීන්දු ගැනීමේ හැකියාව ඇත්තේ රජයට බවත්, දිගින් දිගටම මහජන කැළඹිල්ලක් ඇතිවන ආකාරයේ ව්‍යාජ පුවත් දැනුම්වත්ව සහ චේතනාන්විතව නිර්මාණය කර ප්‍රචාරය කරමින් රට ව්‍යසනයට ලක් කරන්නේ නම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කර අවශ්‍ය තීන්දු ගැනීමට රජය පැකිලෙන්නේ නැති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දන්වා සිටියේය.

දිගින් දිගටම ප්‍රශ්න සහගත පුවත් වාර්තා කරන්නේ නම් ජනතාව සතු සංඛ්‍යාත සම්බන්ධව තීන්දු ගැනීමේ අයිතිය රජයට ඇති බැවින් එම මාධ්‍ය ආයතන සම්බන්ධව යම් තීන්දුවක් ගන්නේ දැයි මාධ්‍ය වේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

තවම රජය එහෙම තීන්දුවක නෑ. හැබැයි ජනතාවගේ පැත්තෙන් එහෙම තීන්දුවක් ගත යුතු නම් ඒ සම්බන්ධව රජය පැකිලෙන්නෙත් නැති බව කියන්න ඕන.

ජනතාව අතර අනවශ්‍ය කැළඹීමක් හදන්නට, අසමගියක් හදන්නට විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස වැරදි ප්‍රවෘත්ති හදමින්, ප්‍රවෘත්ති විකෘති කරමින් යනවා නම් එම කොන්දේසි අනුවම කටයුතු කිරීමේ අයිතියක් රජයට පවතිනවා.

අපි ඒ වාර්තා කරපු මාධ්‍ය ආයතන කීපයටම අපි දැනුම් දීලා තියනවා. ඒ නිසා අපි කැමතියි ඔබ ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින්, ජනතාවගේ විශ්වාසයත් එක්ක කටයුතු කරන නිසා තමන් අතින් වාර්තාකරණයේ දී අඩුපාඩුවක් වුනා නම් එය ඉස්සරහට අරගෙන යන්නේ නැතිව රට වෙනුවෙන් නිවැරදි තොරතුරු වාර්තා කරන්න කියලා.

ඇමතිවරයා කීවේ මේ සිදුකළේ දිට්වා සුළි කුණාටුවේ කාලගුණ අනාවැකි නොසලකා හැරීම සම්බන්ධව ප්‍රබන්ධයක් ගොතා එය පාස්කු ප්‍රහාරයට සමපාත කිරීමට උත්සාහ ගන්නා කීපදෙනෙක් ඉන්නා බව පෙනෙන්නට ඇති බවය. කලින් කීවා, විසිපස් වතාවක් කීවා, ඉන්දියාවෙන් කීවා යන කරුණු තුන ගෙන හැර දක්වන්නේ ඒ සඳහා බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ සියලුම කරුණු දත්ත සහිතව පෙන්වා දී ඇති බැවින් තවත් ප්‍රශ්නයක් ඇතිනම් අධිකරණයට යන ලෙස ඇමතිවරයා දන්වා සිටියේය. අධිකරණයේ දී සියල්ල තහවුරු වනු ඇතැයි ඔහු පැවසුවේය.
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka