gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වරෙන්තුවට විමල් අල්ලන්න පොලිස් මෙහෙයුම්.. රාත‍්‍රියේ නිවසටත් පනී.. ඔහු අතුරුදන්...

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇත. ඒ් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (03දා) නිකුත් කරන ලද වරෙන්තු නියෝගයකට අනුවය.

වීරවංශ මහතා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී තිබිණි.

CID නිලධාරීන් අලුයම කාලයේ හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවස මෙන්ම බත්තරමුල්ලේ පිහිටි කාර්යාලය ද පරීක්ෂා කර තිබේ. 

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා එම ස්ථාන දෙකේම සිට නොමැති බව වාර්තා වේ. 

නිලධාරීන් විසින් අදාළ ස්ථානවල සිටි පවුලේ සහ කාර්යාලයේ සාමාජිකයන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව ද සඳහන් වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka